කාන්තාවකගේ සිරුරේ හැඩය පිළිබඳ සාම්ප්‍රදායික අදහස වන්නේ සිහින් ඉඟක් සහ පුළුල් උකුලක්. ඉතින් බොහෝ කාන්තාවන් සිහින් හැඩැති ඉන ප්‍රදේශයක් ලබා ගන්නට කැමති. ඇඳුමක් ඇන්ද විට මනා හැඩයක් ඇතිවා සේම අනවශ්‍ය මේදය තැන්පත් නොවීම නිසා සෞඛ්‍යමත් බව ද සිහින් ඉනක් ඔබට හිමි කර දෙනවා. මේ සඳහා පහසු ම මග වන්නේ ව්‍යායාම් කිරීමයි. එහෙත් නිසි දැනුවත් වීමකින් තොරව ව්‍යායාම් කිරීමේදී ඔබට අවශ්‍ය ප්‍රතිඵල නොලැබී යන්නට පුලුවන්. නිවැරදි ව්‍යායාම් මගින් හැඩැති ඉනක් ලබා ගන්නේ කොහොමද යන්න මේ ලිපියෙන් කියවා බලමු.
ඔබේ ශරීරයේ හැඩයට වඩාත් බලපාන්නේ ඔබේ ඉනෙහි හැඩයයි. කුමන ආකාරයක සිරුරකට හිමිකම් කියුවද ඉන සිහින් හැඩැති එකක් නම්, ඉනෙහි අනවශ්‍ය මේද තට්ටු බැඳී නැති නම් ඔබට ඕනෑම ඇඳුමක් චකිතයකින් තොරව අඳින්නට හැකියාව තිබෙනවා. ඔබේ ඉන ප්‍රදේශය නිසි හැඩයෙන් තොර වීමට බර වැඩිවීමත්, උදරය නෙරා ඒමත් වැරදි ඉරියවුත් එක සේ බලපානවා. සිහින් හැඩැති ඉනක් ස්වභාවයෙන් සියලු දෙනාටම ලැබෙන්නේ නෑ. එහෙත් එය ඔබට ළඟා කරගත නොහැකි ඉලක්කයක් නම් නොවෙයි.
සෑම උදර ව්‍යායාමයක් ම ඉන හැඩ වීම සඳහා නොවේ. ඒවා අතර විශේෂයෙන් ම ඉනෙහි මාංශපේශිවලට ම සිදු කරන ව්‍යායාම් තිබෙනවා. මෙහි අප දක්වා ඇත්තේ සාර්ථක බවට ප්‍රතිඵල ලැබුණු ව්‍යායාම් පහක්. සඳහන් ව් ඇති පිළිවෙලට සතියට දින තුනක් කිරීම ප්‍රමාණවත්.
සමතලා මතුපිටක් මත වැතිරෙන්න. දනහිස් දෙක නවා පතුල් පොළවේ තබා ගන්න. ලොකු හුස්මක් ගන්නා අතරම උදරයෙන්ද ආවේගය ගනිමින් ඇතුළට හකුලුවා ගෙන තප්පර 15ක් සිටින්න. ලිහිල් කරන්න. ක්‍රමයෙන් හුස්ම රඳවා ගැනීමේ කාලය විනාඩිය දක්වා වැඩි කරන්න.
වාර පහක් සිදු කරන්න.
ඔබට ඇදුම හෝ එවැනි හුස්ම ගැනීමේ අපහසුතා, හර්ද රෝග ඇතිනම් මෙම ව්‍යායාමය සුදුසු වන්නේ නෑ. ඒ පිළිබඳ ව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
කකුල් දෙක අඩි දෙකක පමණ පරතරයක් තබා සිටගන්න. අත්ල බිම මත තබා සිරුර ඇදෙන සේ සිටින්න. තප්පර 15කින් නැවත කෙළින් වෙන්න. 15 වරක් සිදු කරන්න.
සමතලා මතුපිටක් මත වැතිරෙන්න. දනහිස් දෙක නවා පතුල් පොළවේ තබා ගන්න. අත් දෙක හිස පිටුපසින් තබා ගෙන ඉනෙන් මදක් ඉහළට එසවෙන්න. නැවත එසැනින් පහත් වෙන්න. මෙහිදී උදර මාංශපේශී ලිහිල් නොකර තබා ගැනීමට උත්සාහ කරන්න. 15 බැගින් තුන් වරක් සිදු කරන්න.
යටි පතුලට සහ වැලමිටට බර දී මුණින් අතට වැතිරෙන්න. කොන්ද සහ පසුපස නොසෙල්වී නොඑල්ලී තබා ගන්න. තප්පර තිහක් හිඳ ලිහිල් වන්න. තුන් වරක් සිදු කරන්න.
ඔබ සීසේරියන් සැත්කමකට හෝ උදර සැත්කමකට මෑතක මුහුණ දුන්නේ නම් මෙය කරන්නට පෙර වෛද්‍යවරයාගෙන් විමසන්න.
මෙම ව්‍යායාම නිසි ලෙස කරමින්, සෞඛ්‍යමත් ආහාර වේලක් දිනපතා ලබාගන්නා ඔබට සිහින් හැඩැති ඉන පෙදෙසක් පහසුවෙන් ම ළඟා කරගන්නට පුලුවන්
Saru FM Media