ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

0
7

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW :

ඊයේ (21) බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභී, ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් සිදුව තිබෙන බව පැවසේ.

එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එක්ව සිට ඇත.

මෙහිදී “Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” නමින් ජනවාරි 23 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය සුභ පැතුම් පළ කළ බව වාර්තා වේ.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වූ සහ දෙරටේ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කළ වැදගත් අවස්ථාවක් ලෙස සැලකෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here