යාපනයේ කයිට්ස් ප්‍රාදේශීය සභාවේ 2026 වසර සදහා වූ අයවැය යෝජනාවලිය ඡන්ද 7 කින් 24 දා පරාජය වී තිබේ.
සභාවාරය සභාපති සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක අන්නාරාසා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර අයවැය යෝජනාවලිය සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යෝජනාවලියට පක්ෂව ඡන්ද තුනක් පමණක් ලැබී තිබුණි.
ඊට විරුද්ධව ඡන්ද 10 ක් ප්‍රකාශ වීම නිසා ඡන්ද 7 කින් එම අයවැය යෝජනාව පරාජය වී තිබේ.
Saru FM Media







