ශ්‍රී ලංකාවේ ජනවාර්ගික බෙදීම් ඇති කරන වැඩ කැනඩාවේදී එපා

0
2

ඇමැති විජිත හේරත් කැනඩා මහකොමසාරිස්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී මතවාදයන් ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරකම් වැළැක්වීමේ අවශ්‍යතාව කැනේඩියානු රජයට දැනුම් දෙන ලෙස විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ඊයේ (24 දා) ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඉසබෙල් කැතරින් මාටින් (Isabelle Catherμne MartIn) මහත්මිය හමුවී ඉල්ලා ඇත.

ඒ අනුව එල්ටීටීඊ ලාංඡන පිළිගැනීම, බෙදුම්වාදී මතවාදයන් ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී මතවාදයන් ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරකම් ගැන කැනේඩියානු රජයට දැනුම් දෙන ලෙසත් ඇයගෙන් ඉල්ලා තිබේ.

කැනඩාවේ දේශීයකරණය වූ කණ්ඩායම්වල මෙම ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට පටහැනි බව ද විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරියට දැනුම් දී තිබේ.

එල්ටීටීඊය කැනඩාවේ තහනම් සංවිධානයක් ලෙස පවතින බවත්, කැනේඩියානු ෆෙඩරල් රජය එල්ටීටීඊය හෝ බෙදුම්වාදී මතවාදයන් හා සම්බන්ධ එවැනි ලාංඡන පිළිනොගන්නා බවත් කැනඩා මහකොමසාරිස්වරිය විදේශ ඇමැතිවරයාට පවසා ඇත. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා කැනඩාව කැපවී සිටින බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ඊයේ සවස එම හමුවෙන් පසුව එක්ස් සටහනක් මගින් මේ බව අනාවරණය කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here