මාවනැල්ල, රඹුක්කන මාර්ගයේ බැද්දේවල පාලම අසල දී 23 වැනිදා රාත්‍රී මාර්ගය ආසන්නයේ තිබූ විශාල මාර ගසක් එම අවස්ථාවේ ගමන් කළ ත්‍රිරෝද රථයක් මතට වැටීමෙන් එහි රියැදුරු මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා මාවනැල්ල, කප්පාගොඩ ප්‍රදේශයේ පදිංචි කරදන පේඩිගේ නිශාන්ත (අවුරුදු 38) නමැති අයෙකි. එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් කළ මාවනැල්ල, ලොල්ගොඩ එකේ කණුවේ පදිංචි යටමන්නාගොඩ දිසානායකලාගේ ජයරත්න (අවුරුදු 57), එම ලිපිනයේම පදිංචි අවුරුදු 48 වන ජයමාන්නගේ උත්පලා ජයසිංහ සහ එම ලිපනයේ ම පදිංචි අවුරුදු 2 යි මාස 6 ක් වයසැති හේලි ආන්යා ඉඔුල්දෙණිය යන අය තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. මාවනැල්ල පොලිසිය වැඩිදුර පොලිස් පරීක්‍ෂණ පවත්වයි.
වසන්ත සමරවර්ධන බුලත්කොහුපිටිය සහ ජයන්ත සේනානායක මාවනැල්ල
Saru FM Media









