ගාසා යුද්ධය අවසන් කරන ලෙසට ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඊශ්‍රායල ජාතිකයින්ගෙන් විරෝධතාවක්

0
6

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හී දැවැන්ත විරෝධතාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට හමුදා මූලස්ථානයෙන් පිටත පොදු චතුරශ්‍රයක විරෝධතාකරුවන් රැස්ව සිටිමින් ඊශ්‍රායල ධජ ඔසවමින් මෙන්ම ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූප සහති පුවරු අතතිව ඔවුන් මෙම විරෝධතාවට එක්ව තිබුණි.

ගාසා නගරයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් තම ආදරණීයන්ට අනතුරක් සිදුවිය හැකි බවට ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන් බියට පත්වී තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වයම නැවත සිය රටට ගෙන ඒමට හැකි පුළුල් ගිවිසුමකට එළැඹීමට එක්සත් ජනපදයට ජනාධිපතිවරයාට බලපෑම් කිරීම සඳහා ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 48 දෙනෙකු රඳවා සිටින බවය.

කෙසේ නමුත් ඊශ්‍රායල බලධාරීන් විශ්වාස කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු පමණක් තවමත් ජීවතුන් අතර සිටින බවත්ය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රතිඥා දී තිබුණද ඔහුගේ දෙවන ධුර කාලයෙන් මාස 8කට ආසන්න කාලයක් ගත වී ඇතත් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් මේ දක්වා සිදුකර නොමැති බවත්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here