මේ මොහොත වන විට රටට සිදුව ඇති දේ පාරට බැස ජනතාවගෙන් ඇහුවොත් ජනතාව කියන බවත් ජනතාව රවටා අනාථ කර මංමුලා කර බොරුව පචය ජය ගෙන ඇති බවත් අද ජනතාවට ජීවත් වෙන්න නොහැකි බවත් ආදායම් මාර්ග නොමැතිව වේල් තුනවත් කන්න බැරි තැනට පත්ව ඇති බවත් පාසල් දරුවන් පවා අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
භාණ්ඩවල මිල කිරිපිටි මිල පවා වැඩි වි ඇති මොහොතක රජය නහයෙන් අඩන බවත් පොල් හිඟයට හේතුව රිලව් බවත් හාල්හිගයට හේතුව බල්ලන්ට කන්න දීම නිසා බවත් ඒ නිසා කරන්න දෙයක් නැ කියමින් කෙඳිරි ගාන බවත් තුනෙන් දෙකක බලයකුත් තියන් වැඩක් කරන්න බැරිව තව ගමේ බලයත් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
හාල් මිල පොල් මිල අහස උසට නැග ඇති බවත් ජනතවට එය දරාගත නොහැකි බවත් මේ අය රටට විහිළු සපයන බවත් බොරු කර ජනතාව රවටා ජනතාව මංමුලා කර රටම අනාථ කර ඇති මොහොතක ගමේ බලයත් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුව ඩීසල් විදුලි මාෆියාවට අහු වෙලා
මේ වන විට විදුලි බල මාෆියාව රට ගිලගෙන ඇති බවත් පුනර්ජනනීය බලශක්තිය රටටත් පාරිභෝගිකයන්ටත් පරිසරයටත් හිතකර ලාභ වුවත් අප රටෙන් සූර්ය බල ශක්තිය සුනිත්‍ය බල ශක්තිය රටින් අතුගා දමන්න සියලු සැලසුම් සකස් කර ඇති බවත් වහල මත සවිකළ සුර්ය බලශක්තියට ලබා දෙන ටැරිෆ් රේට් එක අඩු කර ඩීසල් මාෆියාවට තෙල් මාෆියාවට විදුලි බල ක්ෂේත්‍රය ආක්‍රමණය කරන්න ඉඩ දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ මාෆියාවට ඉඩ දිය නොහැකි බවත් සූර්ය බල ශක්තිය සුළං බල ශක්තිය ජල විදුලියට වැඩියෙන් යොමුවියයුතු බවත් රජය මැතිවරණ සමයේ එක එක කතා කිව්වත් අද ඩීසල් බලශක්තිය මාෆියාවේ වහලුන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.















Saru FM Media