2025 වර්ෂයේ රජයේ බදු ආදායම් ඉලක්කයෙන් සියයට 95 ක පමණ බදු ආදායමක් මේ වන විට රැස්කර ගැනීමට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
මේ වර්ෂයේ රජයේ බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් වන අතර පසුගිය නොවැම්බර් 20 වන දා වන විට රුපියල් බිලියන 2,076ක බදු ආදායමක් මේ අනුව රැස්කර ගැනීමට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව හැකිව ඇත.
මේ අතර පසුගිය නොවැම්බර් 17 දින වන විට පසුගිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එහි ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම රැස්කර ගැනීමට හැකි වූ අතර, එය රුපියල් බිලියන 2,002.241ක් ලෙස වාර්තා විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media









