මධ්‍යම වියට්නාමයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් සිදුවු ජීවිත හානි පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ශෝකය පළ කර තිබේ.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ගංවතුරෙන් තුවාල ලැබු සහ විපතට පත්වූ සියලුදෙනාට තම ශෝකය පළ කරන බවය.
වියට්නාමයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් සිදුවූ විනාශය පිළිබඳව දැන ගැනීමට ලැබීමෙන් තමා කනගාටුවට පත්වූ බවත් ශ්‍රී ලංකාව වියට්නාමයේ ජනතාව සමඟ මේ මොහොතේ සහයෝගයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා තැබූ X සටහනේ තවදුරටත් සඳහන් වේ.
දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට හටගෙන ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 90දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Saru FM Media









