ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී මතවාදයන් ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරකම් වැළැක්වීමේ අවශ්‍යතාව කැනේඩියානු රජයට දැනුම් දෙන විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අද (24) ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් කැතරින් මාටින් (Isabelle Catherine Martin ) මහත්මිය හමුවී ඉල්ලා සිට ඇත.
ඒ අනුව එල්ටීටීඊ ලාංඡන පිළිගැනීම, බෙදුම්වාදී මතවාදයන් ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී මතවාදයන් ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරකම් ගැන කැනේඩියානු රජයට දැනුම් දෙන ලෙසත් ඇයගෙන් ඉල්ලා තිබේ.
කැනඩාවේ දේශීයකරණය වූ කණ්ඩායම්වල මෙම ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට පටහැනි බව ද විදේශ කටයුතු ඇමතිවරයා ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්වරියට දැනුම් දී තිබේ.
එල්ටීටීඊය කැනඩාවේ තහනම් සංවිධානයක් ලෙස පවතින බවත්, කැනේඩියානු ෆෙඩරල් රජය එල්ටීටීඊය හෝ බෙදුම්වාදී මතවාදයන් හා සම්බන්ධ එවැනි ලාංඡන පිළි නොගන්නා බවත් කනඩා මහ කොමසාරිස්වරිය විදේශ ඇමතිවරයාට පවසා ඇත. ශ්‍රී ලංකාව ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා කැනඩාව කැපවී සිටින බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අද (24) සවස එම හමුවෙන් පසුව එක්ස් සටහනක් මගින් මේ බව අනාවරණය කර ඇත.
Saru FM Media









