සාංචි මහාබෝධි උත්සවයට රටවල් රැසක්

0
3

ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය’ සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන ,සාංචි මහාබෝධි මහෝත්සවය, 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

ධර්මාශෝක අධිරාජයා’ ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් විසින්’ යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පසු ඉන්දීය රජය ඉදිකළ චේතියගිරි විහාරයේ තැන්පත් කළ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සෑම වර්ෂයකම නොවැම්බර් මාසයේ අවසාන ඉරු දින මහජනතාවගේ වන්දනාමානයට ප්‍රදර්ශනයට තැබීමට 1952 එවකට ඉන්දියා අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජවහල්ලාල් නේරුතුමන්ගේ විශේෂ ඉල්ලීම පරිදි මෙම සාංචි අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ සාංචි මහාබෝධි මහෝත්සවය ආරම්භ වූ බව’ බානගල උපතිස්ස නා හිමියෝ තියති.

නොවැම්බර් 29 සහ 30 දෙදින පැවැත්වෙන සාංචි මහාබෝධි මහෝත්සවයට ශ්‍රී ලංකාව, ජපානය, වියට්නාමය, සිංගප්පූරුව, තායිලන්තය, බුරුමය ආදී රටවල් රැසකින් ද’
ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් ද ලක්ෂයකට ආසන්න බෞද්ධ ජනතාවක් මෙවර සහභාගි වනු ඇතැයි’ සංවිධායකවරු බලාපොරොත්තු වෙති.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here