ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24දා) උදෑසන පරාජයට පත්විය.
එහි සභාපති හර්ෂ රත්නායක මහතා විසින් කිසිදු සංශෝධනයකින් තොරව සභාවට ඉදිරිපත් කළ අතර ඊට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනා පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළ බැවින් වැඩි ඡන්ද 04කින් අයවැය දෙවන දිනටත් පරාජයට පත්විය.
Saru FM Media









