දකුණේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙහිබාලේ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සිටියදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (23දා) සවස තංගල්ල වේල්ල අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුම්මාන පාර දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකදී තංගල්ල වේල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 84යි මිලිග්‍රෑම් 450ක් අත් අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව ජාවාරම සඳහා යොදාගත් යතූරු පැදිය, දුරකථන දෙකක් හා රවුටරයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත්සැකකරු දෙහිබාලේ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ලබා දෙනු ලබන ඔත්තුවට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ හා මාතර දිස්ත්‍රික්කය තුළ අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදා හැරීමේ ජාවාරමේ නිරතව ඇත.
Saru FM Media









