මාධ්‍ය නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න එපා – විපක්ෂ නායක

0
2

රටේ පොලිස් සහතිකයක් ලබා ගැනීමට වෙන කිසිදු දවසක ක්‍රියාත්මක නොවූ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම ගැන රජයෙන් ප්‍රශ්න කරන විට රජය එය ප්‍රතික්ෂේප කළත් විපක්ෂය එය සාක්ෂි සහිතව ඔප්පු කළ බවත් පොලිස් සහතිකයක් ගැනීමේ දී ජවිපේ සිවිල් ආරක්ෂක කමිටුවල සභාපතිවරුන්ගේ නිර්දේශ ලබා ගැනීමට සිදුවන බවත් මේ සත්‍ය රටට හෙළිදරව් කළත් මේ මොහොත වන විට ඒ සත්‍ය රටට හෙළිදරව් කරන මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලිස් සහතික ලබා ගැනීමට ජවිපේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ චරිත සහතිකය අවශ්‍ය බවට වන ප්‍රවෘත්තියක් පළ කිරීම නිසා මාධ්‍යවේදීන් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

විපක්ෂය උදාහරණ දෙකක් ඉදිරිපත් කළත් මීටත් වඩා සාක්ෂි සාධක ඇති බවත් මුළු රටම දන්න කරුණක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මේවා පක්ෂයේ ආශිර්වාදයේ මත සිදු කරන බවත් සිවිල් ආරක්ෂාවට සිවිල් ප්‍රජාවේ සියලු දෙනා පක්ෂ පන්ති භේදයෙන් තොරව එකට එකතු වී කටයුතු කළත් දැන් මේ සම්ප්‍රදාය ජනතා විමුක්ති පෙරමුණ උල්ලංඝනය කර ඇති බවත් මොවුන් රට තුළ ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් ස්ථාපිත කිරීම උදෙසා එක පක්ෂයක් පමණක් මුළූ රාජ්‍යයම මෙහෙයවන ඒකපාක්ෂික පාලනයක් ගෙන යාමට මෙවැනි ක්‍රියාදාමය සිදු කරන බවත් මොවුන් යෞවන සමාජවල නිලතල තුළින් පවා මේ ඒකාධිපති පාලනය තහවුරු කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව විපක්ෂයේ සිටින විට මාධ්‍ය නිදහසල මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත ඉවත් කිරිම ගැන කතා කළත් අද ඒකාධිපති වියරුවෙන් කටයුතු කර සත්‍ය ඉදිරියේ දේශපාලන නිවටයන් බවට පත් ව ඇති බවත් මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන නිවට ක්‍රියාවලිය නතර කර මාධ්‍යවේදීන් ආරක්ෂා කිරිමටත් එදා කිව්ව දේවල් ක්‍රියාවට නංවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here