මධ්‍යමට වැසි-ජලාශ උතුරති

0
2

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට දිනපතා පස්වරුවේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටට්ම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවරු පැවසූහ.

කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 9ක් සහ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 15ක් දක්වා ආසන්න වෙමින් පවතින බවත් ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යෑමත් සමග විමලසුරේන්ද්‍රල ලක්ෂපානල නව ලක්ෂපාන, කැනියෝන් සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියහ.

මේ අතර, පවතින වර්ශාවත් සමග හැටන් ඩෙවෝන් සහ සෙන්ක්ලෙයාර් දිය ඇලිවල ජලධාරිතාවද ඉහළ ගොස් ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here