මඩකලපුව පුරාවිද්‍යා ස්ථාන කිහිපයක නාම පුවරු ගලවා රැගෙන යාම ගැන විමර්ශනයක්

0
3

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක නාම පුවරු ගලවා දමා රැගෙන යාම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා කියා සිටීථ

සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන සහ කොක්කඩිචෝලේ පොලිසි වෙත පැමිණිලි කර ඇති බවද කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ද දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවත් කීය.

ඒ අනුව නිසි විමර්ශනයක් කරමින් මීට වගකිය යුත්තන් නීතිය හමුවට පැමිණීමේ කටයුතු කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පැවසීය.

පුරාවිද්‍යා ස්ථාන දැකගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා එම පුරාවිද්‍යා ස්ථාන පෙන්වන නාම පුවරු සටහන් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබූ අතර එලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සවිකර තිබූ එම පුවරු කිහිපයක් වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් ගලවා ඉවත්කර රැගෙන යාමට පසුගිය දා කටයුතු කර තීබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here