(මනෝ උපදේශක K.N මධුශංක මහත්මයාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“සෙක්ස් කරන්නෙ නැතුව කෙල්ල වර්ජින් ද කියල දැනගන්නෙ කොහොමද?”
මධුක ඒ ප්‍රශ්නෙ ඇනොනිමස් පෝස්ට් එකක් විදියට ඒ වගේ ගැටලු ශෙයා කරගන්න ගෘ එකක දැම්මෙ ඇත්තටම ඒක මධුකගෙ හිතට වදයක් වෙලා තිබුන නිසා.
මධුකට දැන් අවුරුදු තිහක්. මධුක මේ අවුරුදු තිහට ගෑණු ළමයි දෙන්නෙක් එක්කම වගේ යාලුවෙලා ඉඳියට ඒ සමබ්න්ධකම් කිසි එකක් කිස් එකකින් එහා අරගෙන යන්න මධුක කවදාවත් උත්සහ කරේ නෑ, මධුක හැම තිස්සෙම හිතුවෙ කසාද බඳිනකම් ඒ වගේ ගෑණු ළමයෙක් එක්ක පිසිකල් රිලේශන්ශිප් එකකට යන්නෙ නෑ කියල.
අන්තිම අෆෙයාර් එක බ්‍රේක් වෙලා අවුරුද්දකට විතර පස්සෙ තමයි මධුකට ශිමාලිව හම්බුණේ. ශිමාලි හරිම හොඳයි. මධුක ශිමාලිට පණ ඇරල ආදරෙයි වගේම ශිමාලි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මධුක දෙපාරක් හිතුවෙ නැ. ඒත් එහෙම ආදරයක් හිතේ තියෙද්දිත් මධුකගෙ හිතට වද දුන්න කාරණාවක් තිබුණා.
“ඔයා මිට කලින් කොල්ලො කී දෙනෙක් එක්ක යාලු වෙලා තියෙනවද?” මධුක ශිමාලිගෙන් එහෙම ඇහුවෙ යාලුවෙලා දෙවනි දවසෙ.
“තුන් දෙනෙක් එක්ක”
“ඔයා එයාලා එක්ක රූම් ගිහින් තියෙනවද? එහෙම නැත්තම් වෙන විදියක පිසිකල් රිලේශන්ශිප් එකක් තිබිල තියෙනව ද?”
“අයියෝ නෑ. ඒත් ඇයි ඔයා එහෙම ඇහුවෙ?”
ඒ ප්‍රශ්නෙට මට උත්තරේ හම්බුනේ මධුකගෙන්.
“මම කවදාවත් කිසිම ගෑණු ළමයෙක් එක්ක පිසිකලි එකතු වෙලා නෑ. මම ඉතින් හිතුවෙ හැමතිස්සෙ කවද හරිම මම කසාද බඳින්නෙත් ඒ වගේම වර්ජින් කෙනෙක් කියල.
ඒත් මට හරි බයයි ශිමාලි මට ඇත්තද කියන්නෙ කියල. මම එයාගෙන් අහපු හැමවෙලාවෙම එයා මට කිව්ව එයා වර්ජින් කෙනෙක් එයා රූම් ගිහින් නෑ කියල. ඒත් මට ඒක සැකයි වගේ. මම ෆේස්බුක් ගෘප් එකක ප්‍රශ්නයක් දාලා ඇහුව සෙක්ස් කරන්නෙ නැතුව කොහොමද කියල වර්ජින් ද කියල බලන්නෙ.
මම ඒව ටර්‍යි කරලත් බැලුව ශිමාලි එක්ක දවසක් රූම් ගිහින්. ඒත් මට ඒකෙන් සැටිස් වෙන්න බැ. මම දන්නව මට හරියටම ඒ ගැන දැනගන්න එයා එක්ක එකට ඉන්නම වෙනව කියල. ඒ උනාට මට මැරි කරනකම් ඒක කරන්න උවමනාවක් නෑ.
මගෙ ඔලුවට හරිම කරදරයක් මේක. කොහොමද හරියට ශිමාලි මට කියන්නෙ ඇත්තමද කියල දැනගන්නේ කියන එක”
මධුකට තියෙන්නෙ ඇත්තටම අපි නොදන්නව උනාට ගොඩක් තරුණයන්ට තියෙන ගැටලුවක් බව මම තේරුම්ගත්ත. අපි අතරෙම ඉන්න බොහෝ තරුණයන් මේ වගේ දේවල් නිසා මානසිකව ලොකුවට කඩා වැටෙනවා.
ඒත් ඒ හැම දේටම උත්තර දෙන්න කලින් මට මධුකගෙන් අහන්න ගැටලුවක් තිබුනා.
“ඇයි මධුක කසාද බඳින්න වර්ජින් කෙනෙක්වම හොයන්නේ?”
“මම කවදාවත් වෙන කෙනෙක් එක්ක එහෙම ඉඳල නැති නිසා. මම වර්ජින් නිසා”
“මධුක හිතනවද ඔයා බඳින කෙනා වර්ජින් කෙනෙක් වීම හෝ නොවීම මත ඔයාගේ සම්බන්ධෙට හොඳක් හෝ නරකක් වෙන්න පුලුවන් කියල?”
“මම හිතුවෙ මම වර්ජින් කෙනෙක් නිසා මට ලැබෙන්නත් ඕන එහෙම කෙනෙක් කියල. මම කවදාවත් වෙන කෙනෙක් එක්ක ඉඳල නෑ. ඉතින් මටත් ලැබෙන්න ඕන එහෙම කෙනෙක්ම නේද? මම එහෙම ඕනවට වඩා ඒ පස්සෙ යනවම නෙවෙයි. ඒ උනාට මට හිතෙනවා මම එහෙම හිතන එක වරදක් නෑ කියල.
ඒ උනාට මට බයයි ශිමාලි මට කියන්නෙ බොරුවක් කියල. මට දැනගන්න ඕන සෙක්ස් කරන්නෙ නැතුව කොහොමද ශිමාලි වර්ජින් කෙනෙක්ද නැද්ද කියල දැනගන්නෙ කියල. එයා හදිසියේ හරි බොරු කියල අපේ වෙඩින් නයිට් එක දවසෙ මට ඒක දැනගන්න ලැබුනොත් මට ඒක දරාගන්න අමාරු වෙයි”
ගැහැණු ළමයෙකුගේ කන්‍යා භාවය අපේ වගේ ආසියාතික රටවල මොනතරම් පරීක්ෂාවට භාජනය වෙනවද කියන එක අපි හැමෝම හොඳින් දන්න කාරණාවක්.
ප්‍රේම සබඳතාවයකදි වගේම විවාහයකදි උනත් ගැහැණු ළමයෙකුගේ අතීතය ගැන සොයා බැලිමෙන් අපි තක්සේරු කරනව ඇය කන්‍යාවක් විය හැකිද නොවේද කියල. ඒ වගේම කන්‍යාවක් සමග යහපත් සබඳතාවයක් අපට පවත්වාගෙන යන්න පුලුවන් බවටත් කන්‍යාවක් නොවන කෙනෙක් එක්ක යහපත් සබඳතාවයක් පවත්වාගෙන යන්න බෑ කියන ගතානුගතික අදහස් අද කාලයේත් අප ජන සමාජයේ පැතිරිලා තියෙනවා.
ඒත් ඇත්තටම කන්‍යාභාවය කියන්නේ යහපත් සබඳතාවයක් පවත්වාගන්න හේතුවක්ද? විවාහය හෝ ප්‍රේම සබඳතාවය යහපත් විදියට ගෙවන්න, ගැටලුවක් නැතුව ගෙවන්න අපේ සහකාරිය කන්‍යාවක් විය යුතුයි කියල බොහොමයක් අය හිතනවා.
ඒත් ඇත්තටම එය එහෙමද?
අපි අතරෙම ඉන්න පුලුවන් කන්‍යාභාවයට හානි කරගන්නෙ නැතුව එහෙත් ප්‍රේම සබඳතාවයන් ඇතුලෙ පිරිමි ළමුන් සමග වෙනත් ආකාරවලින් ලිංගිකව එකතු වූ තරුණියක්.
කන්‍යාභාවය බිඳ වැටිම නිස අපසුව සැත්කම් මගින් කන්‍යාපටලය නැවත පිලිසකර කරගත් තරුණියන්.
එහෙම කාන්තාවක් ඔබ කන්‍යාවක් කියා සලකනවද?
තමන්ගේ කිසිත් අනුදැනුමක් නැතුව අනතුරක්, අතවරයක් නිසාවෙන් කන්‍යාභාවය අහිමි වූ අසරණ තරුණියන්.
උපතින්ම කන්‍යා පටලය නොමැතිව ඉපදුණ තරුණියන්.
Saru FM Media