බිනර පුර පසළොස්වක පෝය අදයි

0
6

බිනර පුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇත්තේ අද ( 07 ) ටය .

බිනර පුන් පොහෝදා මෙහෙණි සසුනේ ආරම්භය සිදුව තිබේ .
සාශන ඉතිහාසය පෙන්වා දෙන්නේ ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මග විවෘත කළ බවය . .
එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව බුදු හිමියන් වදාළ අතර මහා ප්‍රජාපති ගෝතමී එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි විය.
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනක ය.
ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදි කිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදුවීම ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here