කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර ප්‍රජාව සඳහා ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ මෙම රක්ෂණ ක්‍රමය මගින් ධීවර ප්‍රජාවට විශේෂ ප්‍රතිලාභ රැසක් හිමිවන බවය.
ඒ අනුව නියමිත දිනට හෝ පෙර වාරික මුදල් ගෙවා නිම කිරීමෙන් පසුව වයස අවුරුදු 60 සිට මාසික විශ්‍රාම වැටුපක් හිමිවීම, 75%ක් වාරික මුදල් ගෙවා ඇති දායකයින්ට විශ්‍රාම වැටුප් අහෝසි වීමකින් තොරව අවුරුදු 60 සිට ගෙවා ඇති මුදලට සරිලන මාසික වැටුපක් ලබා ගත හැකි වීම, 25%-75% අතර දායක මුදල් ගෙවා ඇති විටකදී සම්පූර්ණ මුදල ඊට සරිලන පොළියක් සමග ලබා ගත හැකි වීම මෙම විශ්‍රාම ධීවර වැටුප් යෝජනා ක්‍රමයට ඇතුළත්ව තිබේ.
එමෙන්ම විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර අර්ධ බෙලහීනතාවයකට ලක්වූ විට පාරිතෝෂික මුදලක් හෝ විශ්‍රාම වැටුප් ගෙවන අවස්ථාවේ මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හැකියාව, ස්ථීර බෙලහීනතාවයට පත්වූ විට රුපියල් 50,000ක උපරිමය දක්වා පාරිතෝෂිකයක් එකවර හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව, විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂට පත්වුවහොත් වසරකට පසුව උරුමකරුට මුළු දායක මුදල ඊට සරිලන පොළියක් සමග ලබා ගත හැකි වීම, වාරික මුදල් මගහැරුණු අවස්ථාවකදී හිඟ මුදල් හා පොළිය ගෙවීමෙන් නැවත සහතික ඔප්පුව වලංගු කර ගැනීමේ හැකියාව, විශ්‍රාම වැටුප් ලබන අතරතුර දායකයා මිය ගිය හොත් ඔහුට වයස අවුරුදු 80 වන තෙක් කලාත්‍රයාට මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ හැකියාව මෙන්ම ඉතිරි මුදල එකවර ලබා ගැනීමේ හැකියාවද මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය හරහා ධීවර ප්‍රජාවට හිමිවේ.
මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධාන්තයෙන් පසුගියදා (22) කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේදී ආරම්භ විය.
Saru FM Media







