අවුරුදු හතරකට කළින් ඔයාගේ අම්මා මාව දාලා ගියේ ස්වාධීන ගෑණියෙක් විදියට ජීවත් වෙන්න ඕන කියල. දැන් එයාගේ දුව මට කෝපි අල්ලනවා මේ ප්ලේන් එකේදි. කවුද ඔයාගේ තාත්තා” මාක් එහෙම ඇහුවෙ මහ හයියෙන් උපහාසයට වගේ හිනා වෙවී.
මාක් කියන්නෙ ඉතාම විශාල තොරතුරු තාක්ෂණ ආයතනයක් පවත්වාගෙන යන ඉතාම ධනවත් මනුස්සයෙක්.
ඒත් මොනතරම් සල්ලි තිබුණත් අපිට සල්ලි දීල ගන්න බැරි දේවල් මොනතරම් නම් මේ ලෝකෙ තියෙනවද?
එහෙම නේද? ජීවිතේ කියන්නෙම දෙයක් දෙද්දි තවත් දෙයක් අරගන්න මහ අරුම පුදුම සංසිද්ධියක්නෙ. මාක්ගේ ජීවිතේත් හරිම වෙනස්. මොන ප්‍රශ්න තිබුණත් අපේ ජීවිතේ ලස්සන කරගන්න අපි වටේ අපිට පවුලක් තියෙනවා. අපිට ආදරය කරන අය ඉන්නවා.
මහා ලොකු ධනවතුන් නොවුනට, ඒ පවුලෙන්, හිතවතුන්ගෙන් ලැබෙන ආදරය, පිළිගැනීම කවදාවත් මිලකරන්න බැහැ.
ඒත් මාක්ගේ ජීවිතේ පිරිලා තිබුනේ තනිකමෙන් සහ පාලුවෙන්. පහුගිය කාලෙ පුරාවටම මාක්ගේ ජීවිතේට අනන්තවත් කාන්තාවෝ ඇවිත් ගියාට මොකද ඒ කිසිම කාන්තාවක් මාක් ළඟ සදාකාලිකව නතරවෙන්න වගේම මාක්ට දාව දරුවෙක් බිහි කරන්න කැමති වුණෙත් නෑ.
ආදරේ, හැඟීම්, බැඳීම් සල්ලිවලට ගන්න අපිට පුලුවන්කමක් නෑනෙ. සමහර වෙලාවට අනන්ත අප්‍රමාණ ධනයක් තියෙන කෙනෙක්ට ආදරේ බිඳුවක්වත් ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඒ වගේම සමහර කෙනෙක්ට තියෙන එකම වත්කම ආදරය විතරක්ම වෙන්න පුළුවන්.
අවුරුදු 40ක් වයස මාක්, ජීවත් වුණේ විශාල මන්දිරයක. තනියම.
එයාගේ තනියට කියල හිටියෙ ඒ විශාල මන්දිරයේ වැඩපල කරන්න හිටපු සේවකයන් විතරයි.
තනිකම නිසා මාක්ගේ හිතේ පිරිලා තිබුණ සිතිවිලි කටෙන් පිටවුණේ බැණුම් විදියට.
තමන්ගේ සේවකයන්ට මාක් කොච්චර නම් බණිනවද? සමච්චල් කරනවද? අපහාස කරනවද?
ඒත් වටපිටේ ඉන්න මිනිස්සුන්ටත් බැණ අපහාස කර කර මාක් නිතරම හිතපු දෙයක් තිබුණා.
“මටත් මෙහෙම ළමයි හිටියනම්, ඒ අය සෙල්ලම් කරනව දකින්න මට තිබුණා නේද?” මාක් එහෙම හිතුවෙ නිවාඩු දවස්වලට එයාගේ මහා මන්දිරයේ ඉහළ බැල්කනියේ ඉඳගෙන් තනියම කෝපි කෝප්පයක් බොන ගමන්, අහල පහල ගෙවල්වල මිනිස්සු තමන්ගෙ ආදරණීයයන් එක්ක දවස සතුටින් ගෙවන දිහා බලාගෙන.
මොනතරම් සාර්තක, ධනවත් ව්‍යාපාරිකයෙක් වුණත් මාක් සිතෙන් හිටියෙ ඒ වගේ විඳව විඳව.
දවසක් සති අන්තයක ගෙදරට වෙලා විවේකීව හිටපු මාක්ට කෝල් එකක් එනවා. එයාගේ පෞද්ගලික ලේකම්වරියගෙන්.
“සර්, සෙනසුරාදා දවසක කෝල් කරාට මට සමාවෙන්න.ඒත් හදිසි කාරණාවක් තියෙනව මට කියන්න”
ජූලියා කලබලෙන් එහෙම කිව්වෙ තමන්ගෙ ප්‍රධානියාට ඒ ගැන තරහා යන එකක් නෑ කියල හිත හිත.
මොකද මේ හැම සේවකයෙක්ම දැනගෙන හිටියා මාක්ව අවුස්ස ගන්න එක මොනතරම් බය හිතෙන දෙයක්ද කියන එක ගැන.
“ඔව් මොකද්ද?” මාක් එහෙම ඇහුවෙ පුදුම තරහෙන්.
“ඩෙට්‍රොයිට් වල ඉන්න අපේ ක්ලයන්ට්ට අඟහරුවාදා වෙනුවට හෙට සර්ව මුණ ගැහෙන්න අවශ්‍යලු.සතියෙ දවසක ඒ මීටින් එක දාගන්න මම ට්‍රයි කරාට හෙටම හම්බෙන්න ඕන කියල එයා කියනවා”
මාක් යකා මාක් වෙලා ඉන්නව කියල තේරුණ ජූලියා හිටියෙ හරිම බයෙන්.
“ඔක්කොම තනියම ප්ලෑන් කරගත්තට පස්සෙ දැන් මගෙන් තව මොකද්ද අහන්නෙ”
“මට සමාවෙන්න සර් මම ක්ලයන්ට්ට කතා කරලා වෙන දවසකට මීටින් එක ශෙඩුල් කරගන්නම්”
“දැන් ඉතින් ඒ මනුස්සයට ඔක්කොම පොරොන්දු වෙලා ආයෙම කතා කරලා මීටින් එක කැන්සල් කරන්න හදන්න එපා මෝඩයෙක් වගේ. මට ඒ මීටින් එකට යන්න ෆ්ලයිට් එකක් බුක් කරාද?”
“නැහැ සර්, ඒත් හෙට උදේ 8ට ඩෙට්‍රොයිට් වලට යන ෆ්ලයිට් එකක් තියෙනවා. මම ඒක බුක් කරන්නද?”
ඒ කතාව ඇහුවට පස්සෙ ඉරිදා වගේ නිවාඩු දවසක ඔක්කොම වැඩ පැත්තක දාලා ක්ලයන්ට්ව මුණ ගැහෙන්න යන්න වෙන එක ගැන කොහොමත් තරහ යන මාක්ට මොනතරම් තරහා ගියාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
මාක්ගේ අනුමැතිය එක්ක ෆ්ලයිට් එක බුක් කරන්නම් කියල කිව්ව ජූලියා දුරකතනය තිබ්බට හිතේ තිබ්බ තරහ එක්ක හිතෙන් ජූලියාට සමච්චල් කරන්න මාක් මොහොතක්වත් පසුබට වුණේ නෑ.
“කරන්නම් කරන්නම් කියල කිව්වට ආයෙමත් ඔය මෝඩ ගෑණි ඕක වරද්ද ගනීවි”
ජූලියට හිතෙන් බැන්නට මේ මීටින් එක තමන්ට මොන තරම් වාසිදායකද කියන එක මාක් දැනගෙන හිටියා.
ඉරිදා තමන් ගෙදර නැති බව තමන්ගේ ගෘහ සේවිකාව වන සමන්තාට කියපු මාක් “හෙටත් එන්නෙ නැති නිසා සඳුදත් නෑවිත් ඉන්න බොරුවක් කියන්න හිතාගෙන ඉන්නවද?” කියල සමච්චල් කරන්නත් අමතක කරේ නෑ.
Saru FM Media