කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පසුගිය නොවැම්බර් 21 වැනිදා දෙමළ ඊළාම් ජාතික ධජ දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. එය කැනඩාවේ සහ උතුරු ඇමෙරිකාවේ එවැනි පිළිගැනීමක් සිදු කළ පළමු මහ නගර සභාව වේ. බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැටි්රක් බ්‍රවුන් මෙම දිනය විස්තර කර තිබුණේ “ඊළාම් දෙමළ ජාතියේ සාමූහික අනන්‍යතාව සහ ජන සංහාරයට එරෙහි අඛණ්ඩ ප්‍රතිරෝධය සංකේතවත් කරන” දිනයක් ලෙසයි.
එම නගරයේ කෙන් විලන්ස් චතුරශ්‍රයේ ධජය එසවීමේ උත්සවයක් පැවති අතර නගරාධිපතිවරයා එම කොඩිය ඔසවන අයුරු මාධ්‍යයේ පළවී තිබිණි. ගෝලීය දෙමළ අයිතිවාසිකම් පිළිබඳ හඬ සංවිධානයේ කුමුතිනි කරුණාකරරාජා මෙම පිළිගැනීම ඊළාම් දෙමළ කැනේඩියානුවන්ගේ ඉතිහාසය සහ ජීවමාන අත්දැකීම් තහවුරු කිරීම වෙනුවෙන් වූ බලාපොරොත්තුවේ සංකේතයක් බව ප්‍රකාශ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යාංශය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
චතුර පමුණුව
Saru FM Media









