රනිල් මදුරෙයි මීනාක්‍ෂි අම්මාන් කෝවිල වැඳපුදා ගනී

0
1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22දා) ඉන්දියාවේ මදුරෙයි හි මීනාක්ෂි අම්මාන් කෝවිල වැඳපුදා ගැනීම සඳහා ගියේය.

හිටපු ජනපතිවරයා වෙනුවෙන් ඉන්දීය පොලිසිය දැඩි ආරක්ෂාවක් ලබා දී තිබිණි. මෙම කෝවිල් චාරිකාවට හිටපු ජනපතිවරයාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. රනිල් වික්‍රමසිංහ මහතා චෙන්නායි වෙත පැමිණ තිබුණේ ඉකුත් සිකුරාදා (21 දාය).

ලෝක ප්‍රසිද්ධ මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිල වෙත සෑම දිනකම දෙස් විදෙස් බැතිමත්හු දහස් ගණනක් පැමිණෙති.
චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here