හිටපු ජනපති රනිල් සමග හිටපු මැති ඇමැති රැසක් සහ ඉන්දීය දේශපාලකයෝ රැසක් මංගල්‍යයට එති දිවංගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය ඉකුත් 23දා ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්විණ.
ජීවන් තොණ්ඩමන් මහතාගේ මනාළිය වූවේ ඉන්දියාවේ දේශපාලන පසුබිමක් සහිත පවුලකින් පැවත එන්නියක වන සීතායි ශ්‍රී නාච්චියාර් නමැති වෘත්තියෙන් වෛද්‍යවරියකි.
ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ උත්සවයට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ එම ආර්යාව, හිටපු මැති ඇමැතිවරුන් රැසක් සහ ඉන්දියාවේ මැති ඇමැතිවරුන් රැසක් මෙන්ම ජීවන් තොණ්ඩමන් මහතාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් රැසක් ද උගන්ඩාවේ හිටපු තානාපති කනනාදන් මහතා ද මෙරට ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් ද සහභාගි වී සිටි බව ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය ඒකකය පවසයි.
ඉන්දියාවේ විවාහ මංගල උත්සවයෙන් අනතුරුව ජීවන් තොණ්ඩමන් මහතා මෙරටට පැමිණීමෙන් පසුව කොළඹදී සහ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී සිය හිතවතුන් සහ පාක්ෂිකයන් වෙනුවෙන් විවාහ ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීමට ද කටයුතු කර ඇත.
නුවරඑළිය – නාලක රත්නායක
Saru FM Media









