ඇති වූ හදිසි අපදා තත්ත්වයත් සමග කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බැවින් හෙට (24) දිනයේදී එම මර්ගය හරහා උසස් පෙළට විභාගයට මුහුණ දීමට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කරන සිසුසිසුවියන් සහ අදාළ නිලධාරීන් සඳහා විකල්ප මාර්ග සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
අදාළ මාර්ග හරහා ගමන් කිරීමට සිටි උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට හෙට දිනයේ පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන්න ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දී ඇත.
ඒ අනුව,
* ගනේතැන්න – මහන්තේගම හරහා මහනුවර දෙසටත්, කොළඹ දෙසටත්
* මාවනැල්ල – හෙම්මාතගම හරහා මහනුවර දෙසටත්, කොළඹ දෙසටත්
* මාවනැල්ල – හතරලියද්ද හරහා මහනුවර දෙසටත්, කොළඹ දෙසටත්
* රඹුක්කන සිට උඩරට දුම්රිය මාර්ගය, යන මාර්ග භාවිත කළ හැකිය.
එමෙන්ම උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක්ම වෙන් වූ ආපදා සහන සේවා මැදිරිය ක්‍රියාත්මකව පවතී.
මීට අමතරවත් අපදා හේතුවෙන් උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට යම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් පහත සඳහන් දුරකථන අංක අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසට ද දැනුම් දී ඇත.
මාවනැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ – 071 80 15 390
මාවනැල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ – 071 816 64 01 / 071 81 66 401
මෙම විකල්ප මාර්ග ගමන් වල ගමන් කිරීමේ දී විශේෂයෙන් වේලාව සම්බන්ධයෙන් විභාග අපේක්ෂකයන් මෙන්ම දෙමාපියන් සහ වැඩිහිටියන් ද සැලකිලිමත් වන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇත.
Saru FM Media







