රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ මාරක අනතුරක්

0
2

රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ උඩවළව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෝටර් රථයක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි බඩල්කුඹුර මූනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර පානදුර කළුතර මාර්ගයේ කළුතර උතුර ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පාපැදිකරුවෙකු මියගොස් තිබේ.

වෑන් රථයක් හා පාපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 30 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here