මහව සිට ත්‍රිකුණාමලය, මඩකලපුවට සහ කන්කසන්තුරේට ධාවනය කරන භාණ්ඩ හා තෙල් ප්‍රවාහන දුම්රියන් ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.
අද (23) මාධ්‍ය රාත්‍රීයේ සිට තෙල් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේය.
මීට අමතරව හෙට දිනයේදී රාත්‍රී කාලයේදී ධාවනය වන තැපැල් දුම්රිය ධාවනයෙන්ද ඉවත්වීමට බලාපොරොත්තු වන බවද දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය සඳහන් කළේය.
“වාර්තමානයේ දුම්රියේ අලි ගැටීම නිසා දුම්රිය ධාවනයට විශාල බාධාවක් එල්ල වෙලා තියෙනවා මහව සිට ත්‍රිකුණාමලයටත්, මහව සිට මඩකලපුවටත්, මහව සිට කන්කසන්තුරේටත් වනඅලි ගැටීම නිසා වනඅලීන්ට හා දුම්රියටද හානි සිදුවෙනවා. දුම්රිය රියදුරන් ලෙස මේක අපිට පාලනය කරන්න බැහැ. ඒ නිසා දුම්රිය ධාවනයට විශාල බධාවක් වෙලා තියෙනවා මොකද අපිට ක්ෂණිකව දුම්රිය නතර කරගැනීමේ හැකියාවක් නැති නිසා. ඒ නිසා අපිට මේකට වගකීමක් දෙන්න බැහැ.”
“වනසතුන් දුම්රියේ ගැටීමේ හේතුව නිසා ඉදිරියේදී මේ කලාප හරහා දුම්රිය ධාවනය කිරීම සිදුකර නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේක ලොකු ගැටලුවක් මොකද දුම්රිය මගීන්ට ඒ නිසා වේලාවට දුම්රියේ ගමන් කිරීමට නොහැකි.”
“වසර ගණනාවක් තිස්සේ අපි රජයටත් දෙපාර්තමේන්තුවටත් මේක දැනුම්දුන්නා මෙය රියදුරන්ට වගකියන්න බැහැ. මේකට මොකක් හරි පාලනය කරලා දෙන්න කියලා නමුත් මේ වෙනකම් කිසිම සාධනීය මට්ටමක දෙයක් සිදුවුණේ නෑ.”
Saru FM Media







