බැංකු කාඩ්පත ට බස් ටිකට් හෙට සිට

0
2

ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවන , බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කෙරේ .
මෙහි සමාරම්භක වැඩසටහන හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව සඳහන්ය .
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක වැඩසටහන පැවැත්වීමට නියමිත ය .
බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත් , එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පැවසීය .
බස් රථයේ ප්‍රවේශපත්‍ර බැංකු කාඩ් මගින් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස විශාල ඉල්ලීමක්ද ලැබුණු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here