බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි

0
9

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. 

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම පොහොය දිනය සැලකේ.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සැලකේ.    

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි. 

මේ අතර බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී අද දිනයේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

මේ අතර ටීවී දෙරණ සංවිධානය කරන දෙරණාභිවන්දනා පොහෝ දින වැඩටහන් මාලාව ඓතිහාසික දන්තපාය රජමහා විහාරස්ථානයේදී මේ වන විට ආරම්භ වී තිබේ.

එම පොහෝ දින වැඩසටහන් මාලාව අද දිනය පුරාවටම එම විහාරස්ථානයේදී පැවැත්වීමට දෙරණ මාධ්‍ය ආයතනය සියලු කටයුතු සූදානම් කර ඇත.

එමෙන්ම එෆ් දෙරණ අසපුව බිනර පොහෝදා සජීව විකාශය ඉපලෝගම, අලුත්දෙන්නෑව ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයේ සිට අද දවස පුරා පැවැත්වීමට නියමිතව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here