කොන්රඩ් ඩයස් සභාපති LOLC ෆිනෑන්ස් පීඑල්සී / ක්‍රිෂාන් තිලකරත්න අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී LOLC ෆිනෑන්ස්
බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභය 72% ක වර්ධනයක් ලබමින් රුපියල් බිලියන 14 දක්වා ඉහළ යයි
දළ ණය කළඹ 18% කින් වර්ධනය වී රුපියල් බිලියන 360.2 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් ලාභදායී බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) වන LOLC ෆිනෑන්ස් පීඑල්සී, 2025 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ මාස 06 ක කාලය සඳහා ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේ. එහිදී තරගකාරී මෙහෙයුම් වාතාවරණයක් තුළ සමාගමේ ප්‍රධාන ව්‍යාපාර මාර්ග ඔස්සේ ස්ථාවර වර්ධනයක් ලබමින් ලාභදායීතාවය වැඩිදියුණු වීම පිළිබිඹු කෙරේ.
LOLC ෆිනෑන්ස්, ඇගයීමට ලක් වූ කාලසීමාව නිමාකළේ රුපියල් බිලියන 14 ක ශක්තිමත් බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරමිනි. එය පසුගිය වසරේ එම කාලසීමාව තුළ වාර්තා කළ රුපියල් බිලියන 8.1 ක ලාභය හා සසදන විට 72% ක අර්ධ වාර්ෂික වර්ධනයක් සලකුණු කරයි. මෙලෙස ඉපැයීම්වල කාර්ය සාධනයක් ලැබීමට, ඉහළ ශුද්ධ පොලී ආදායම, ඵලදායී පිරිවැය කළමනාකරණය සහ හානිපූර්ණ ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කිරීම හේතු වී තිබේ.
සමාගමේ දළ ණය කලඹ රුපියල් බිලියන 360.2 ක් ලෙස පුළුල් වී ඇත්තේ 18% ක වර්ධනයක් සලකුණු කරමිනි. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන 238.6 දක්වා 6% කින් වර්ධනය වී ඇත.
මෙමගින් LOLC ෆිනෑන්ස්හි සන්නාම ශක්තිය සහ මූල්‍ය සේවා සැලසීමේ කාර්යක්ෂම බව පිළිබිඹු කරයි. මුළු වත්කම් රුපියල් බිලියන 466.3 දක්වා 8% කින් ඉහළ ගොස් ඇත්තේ ශේෂ පත්‍රයේ ශක්තිමත් වර්ධනය සහ වෙළෙඳපොළ විශ්වාසය අවධාරණය කරමිනි.
LOLC ෆිනෑන්ස් හි මෙම සුවිශේෂී අර්ධ වාර්ෂික කාර්ය සාධනය එහි ශක්තිමත් ඩිජිටල්කරණ ක්‍රියාවලිය සහ ඔරොත්තුදීමේ හැකියාවක් සහිත විවිධාංගීක ව්‍යාපාර ආකෘතිය මඟින් තහවුරු වේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, පෞද්ගලික මූල්‍ය, කෘෂිකර්මාන්තය, විකල්ප මූල්‍ය විසඳුම්, කාරක ප්‍රාග්ධන සහ රථවාහන මූල්‍ය සේවා ඇතුළු ජාතික ආර්ථිකයේ ප්‍රධාන අංශ ඔස්සේ පුද්ගලයින් සහ ව්‍යාපාර සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා මූල්‍ය අන්තර්ගතකරණය ඉදිරියට ගෙන යාමට සමාගම තවදුරටත් කටයුතු කරයි. බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ සමස්ත ලාභයෙන් 36.3% ක්, සමස්ත ණය නිකුතුවෙන් 25% ක් සහ එහි වත්කම් වලින් 20.6% ක් නියෝජනය කරන LOLC ෆිනෑන්ස් ඉහළ මූල්‍ය සේවා හඳුන්වාදීමක් සහිත වර්ධනයක් උදෙසා මෙහෙයවනු ලබන ජවසම්පන්න මූල්‍ය ආයතනයකි.
Saru FM Media









