මෙම දිනවල ඔබගේ අවශ්‍යතාවය අනුව ජ්‍යොතිෂවේදී මහතකුගේ උපදෙස් මත සුබ මුහුර්ත ලබා ගන්න.
නොවැම්බර් 25 වැනි අඟහරුවාදා
දිනය පුරාම දිවිකරණය පවතී. සුබ දිශාව නැඟෙනහිර දිශාව වේ.
නොවැම්බර් 26 වැනි බදාදා
දවස පුරාම සුවණ නැකැත පවතී. අටවිසි මහා යෝග චක්‍රය අනුව ඡත්‍ර නම් සුබ යෝගය යෙදී ඇත. විවාහ මංගල කටයුතු, නිවාස සම්බන්ධ කටයුතු, වෙදකම් කටයුතු, කෘෂිකාර්මික කටයුතු, රථවාහන සම්බන්ධ කටයුතු, ළිං තැනීම, රැකියා භාර ගැනීම්, ගිවිසුම් අත්සන් කිරීම්, වෙහෙර විහාර, දේවස්ථාන ආදී ආගමික කටයුතු, ගමන් බිමන් සහ කුඩා දරුවන්ගේ සියලු කටයුතු මෙදින සුබදායකය. මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, අස්විද, මා මුල, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමියන්ට මෙදින ඉතා හොඳින් සීහේ. සුබ දිශාව දකුණු දිශාව වේ.
නොවැම්බර් 27 වැනි බ්‍රහස්පතින්දා
දවස පුරාම දෙනට නැකැත පවතී. අටවිසි මහා යෝග චක්‍රය අනුව ශ්‍රීවත්ස නම් යෝගය ද යෙදී ඇත. නිවාස කටයුතු, වෙළෙඳ ව්‍යාපාර කටයුතු, කෘෂිකාර්මික කටයුතු, ළිං තැනීම, රැකියා භාර ගැනීම්, ගිවිසුම් අත්සන් කිරීම්, ගමන් බිමන් සහ කුඩා දරුවන්ගේ සියලු කටයුතු මෙදින සුබදායකය. අද, සා,සියාවස, පුනාවස, විසා, පුවපුටුප, රෙහෙණ, හත, සුවණ, බෙරණ, පුවපල්, පුවසල, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමියන්ට සීහේ. සුබ දිශාව දකුණු දිශාව වේ.
නොවැම්බර් 28 වැනි සිකුරාදා
මුළු දිනය පුරාම සිංහ කරණය පවතී. සුබ දිශාව උතුරු දිශාව වේ.
නොවැම්බර් 30 වැනි ඉරිදා
දවස පුරාම සුස්ථිර නම් අටවිසි මහා යෝගය ද, පෙරවරු 7.12 සිට සිද්ධි යෝග බලය ද, පංචාංග ශුද්ධිය ද පවතී. නිවාස කටයුතු, විවාහ මංගල කටයුතු, වෙදකම්, වෙළහෙළඳාම් කටයුතු, ඉඩකඩම් හා කෘෂිකාර්මික කටයුතු, රථවාහන සම්බන්ධ කටයුතු, ළිං තැනීම, රැකියා භාර ගැනීම්, ගිවිසුම් අත්සන් කිරීම්,සියලු මූල්‍ය කටයුතු, වෙහෙර විහාර, දේවස්ථාන ආදී ආගමික කටයුතු,
ගමන් බිමන් සහ කුඩා දරුවන්ගේ සියලු කටයුතු මෙදින සුබදායකය. අස්ලිස, දෙට, රේවතී, අස්විද, මා, මුල, පුනාවස, විසා, පුවපුටුප, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් හිමියන්ට මෙදින ඉතා හොඳින් සීහේ. සුබ දිශාව නැඟෙනහිර වේ.
ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක, දේශමාන්‍ය
ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල. 076 824 8000
Saru FM Media









