තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.
කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තානය පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
එහිදී පාකිස්තානය වෙනුවෙන් Sahibzada Farhan නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර Saim Ayub ලකුණු 20ක් හා Babar Azam ලකුණු 16ක් රැස් කළේය.
Sahibzada Farhan රැස්කළ ලකුණු සංඛ්‍යාව පාකිස්තාන පිතිකරුවෙකු විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2007 වසරේදී දකුණු අප්‍රිකාවේ දී පැවති විස්සයි20 ලෝක කුසලානයේ දී ෂොයිබ් මලික් ලකුණු 57ක් රැස්කර තිබීමය.
එමෙන්මයි ෆර්හාන් සිය ඉනිම වෙනුවෙන් හයේ පහර 5ක් එල්ල කළ අතර, එයද පාකිස්තානුවෙකු විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගත් අතර දසුන් ශානක එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
Saru FM Media









