නැවත දැනුම්දෙන තුරු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වසා තැබේ

0
2

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පවසයි.

ඒ අනුව ගනේතැන්න ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය වසා දමා ඇති අතර ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ඒ මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

එමෙන්ම ඒ මහතා පැවසුවේ මේ වන විටත් වැසි ඇද හැලෙමින් පවතින බවත් මේ වන විට මුදවා ගැනීම් අවසන් කර ඇති බවය.

ඇද හැලෙස වැසි තත්ත්වය හේතුවෙන් අවදානම තවදුරටත් වැඩි වන බවත් දැනට මුදා ගැනීමේ කටයුතු අවසන් කර ඇති බවත් නැවත හෙට උදෑසන මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා,

“දැනට අපි මේ ප්‍රදේශය වහන්න කටයුතු කරලා තියෙනවා. දැනට මේකේ ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අපි නැවත දැනුම් දෙනවා මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව. එතකල් මාර්ගය වසා තබන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහ ගමන් කරන මගී ජනතාවගේ ආරක්ෂාවට. ඒ වගේම ගොඩක් මේක බලන්න නම් එන්න එපා. අපි එන්න ඉඩ තියන්නෙත් නෑ අපි පොලිස් නිලධාරීන් යොදවලා මාර්ගය වසා තබන්න කටයුතු කරලා තියෙන්නේ. මොකද ඒක එච්චරටම අනාරක්ෂිතයි.” 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here