දරුවන් ලැබීමෙන් පසු ඔබ දෙදෙනාගේ ආදරය සීමා විය යුතුද?

0
15


ආදරයෙන් නිදහසේ සිටින බොහෝ ආදරවන්තයන් ගේ ජීවිතය දරුවන් ලැබීම ත් සමග වෙනසකට ලක්වෙනවා.එකිනෙකා වෙනුවෙන් වෙන් කල කාලයෙන් වැඩි කොටසක් දරුවන් වෙනුවෙන් වෙන් කරන්න ට වීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු වීම සාමාන්‍ය කාරණයක්.ඉතින් දරුවන් සමගම,ඔවුනට ආදරනීය රැකවරණය දෙමින් නැවතත් ආදරවන්තයන් ලෙස පෙර ගෙවූ ජීවිතය ට යන්න ඇත්නම් කියා අනන්තවත් ඔබට සිතෙනවා ඇති.ඉතින් අපි හොයමු දරුවන් නිසා ආදරය සීමාසහිත නොවෙන්න නම් මොනවද කලයුතු කියල .එන්න අපි ඇවිදගෙන යමු සිඟිති සිනාවෙන් පසුබිම් සංගීතය වාදනය වන සුන්දර මාවත.ආදරය සමඟ.

දරුවන් ලැබීමෙන් පසු දෙදෙනෙකුගේ ඇසුරකට එන අවහිරතා මොනවාද?ඒවාට විසදුමක් තියෙනවා ද?

දැන් පිරිසක් සමඟ ඒ කියන්නේ දරු පිරිසක් සමග ගත කරන කාලය වැඩියි.පෙර දී වගේ හුදෙකලා වෙලාව සොයා ගැනීම පහසු නැහැ .නමුත් ඔබ අහල ඇති කියමනක් “ප්‍රශ්නයක් තියෙනවනම් තියෙනවා නම් අනිවාර්යෙන්ම එයට විසඳුමකුත් තියෙනවා” කියලා. ඉතින්
ඔබට පුළුවන් ඔබේ දෛනික කාලසටහන දෙදෙනාම එකතුව සාදාගන්න.එවිට නිතරම දරුවන් නිදන වෙලාවක දී නිවසේ වෙනත් කටයුතුවලට නොව ඔබ දෙදෙනා සදහා වෙලාව සොයා ගැනීමට ඔබට හැකියාව තියෙනවා .නමුත් මෙය මනාව සැලසුම් සහගතව කල යුතු දෙයක් වෙන්නේ අත්‍යවශ්‍ය වැඩ ඉතිරිනම් ඔබේ ඔලුව නිදහස් නැති නිසා.ඒ නිසා දෙදෙනා ගේම සහයෝගය නිවසේ කටයුතු සදහා ද අවශ්‍ය වෙනවා.

මෙය බොහෝ විවාහකයන් දරුවන් ලැබීමෙන් පසු සිදුකරන අතිශයින් කනගාටුදායක තත්ත්වයක් බවට පත්වෙනවා.පෙරදී එකිනෙකා සමග සුරතල් වුන ඔබ දැන් සුරතල් කරන්නේ දරුවන් පමණයි.එපමණක් නොවේ බොහෝවිට දරුවා සහ ඔබ හෝ ඔහු හෝ දරුවා ලෙස පුංචි පිල් බෙදීම් ද සමහර නිවසක් ඇතුලේ දකින්නට පුළුවන් .ඒ තත්ත්වය ගැන අවධානය වගේම එසේ නොකර සිටීමට වග බලා ගැනීම හරිම වැදගත්.
ඇත්තටම සුරතල් දරුවන් තමා .නමුත් අමතක කරන්න එපා ,ඔවුන් පැමිණීමට පෙර ඔබ දෙදෙනා ඒ තරමට ම එකිනෙකා සමග සුරතල් වුණු බව.බොහෝ අය දරුවන් ඉදිරියේ එය පෙන්වීමට ලැජ්ජයි .සුදුසු නො වේ යැයි සිතනවා .නමුත් එය වැරදියි.දරුවන් ද දැකිය යුතුම වන්නෙ ඔබ දෙපලගේ බැදීමේ ශක්තිමත් බවයි , ඔබේ ආදරයයි .

සාමාන්‍යයෙන් කාන්තාවකගේ ශරීරයේ දරුවන් ලැබීමෙන් පසු සුළු කායික වෙනස්කම් සිදු විය හැකියි .නමුත් වැඩිපුර සිදු වන්නේ මානසික වෙනස්කම් නිසා ඔබට අවබෝධයක් තිබෙනවා නම් පහසුවෙන් එය වෙනස් කර ගන්නට පුළුවන් .සමහර විට නැවත ඉක්මනින් ගැබ් ගැනීම ගැන බියකින් ඔබ පෙලෙනවාත් වියහැකී.ඉක්මනින් පවුල් සැලසුමක් භාවිතා කිරීම,මානසික නිදහස මෙන්න තරමක කාලයක් ගෙන නැවත එක්වීමට සූදානම් වීම ආදිය කරන්න ට පුළුවන්. කාලයක් නෑ කියල හිතන්නෙ නැතිව සුන්දර එක් වීමක් සදහා කාලය නම් බොහොම ඉවසීමෙන් පෙර සූදානම් වීමක් ඇතිව සකස් කර ගැනීම කළයුතුයි.

දරුවන් වගකීමක් ඇතිව පැය කිහිපයකට බාර දෙන්න ට නෑයෙකු හෝ ඔබේ දෙමාපියන් හෝ මිතුරෙකු හෝ තෝරාගන්න.එදිනෙදා ගෙදර වැඩ වලට විතරක් නෙවෙයි ගෙදර පරිසරයෙන් මිදුනු කෑම වේලක්,විවේකයක් ගන්නත් ඒ වෙලාව යොදාගන්න පුළුවන් .

ඉස්සර නම් එකිනෙකා කෙතරම් පණිවුඩ යවාගන්නවාද?ඉතින් රසවත් ආදරනීය මැසේජ් එකක් අනෙකාගේ දවසම සතුටින් පුරවන්න ට සමත් වේවි.

ඉතින් අප මතක තබාගත යුතුම දෙය වන්නේ දරුවන් ඉක්මනින් වැඩෙනවා.ඔවුන්ගේ ම ලෝකයක් නිර්මාණය කරගන්නවා.ඔබේ ලෝකයේ පුරුදු පරිදිම ඔබ දෙදෙනා සිටියයුතු බව.ඒ නිසා එකිනෙකා වෙනුවෙන් කාලය සොයාගන්න.ආදරය කරන්න.ඒ ආදරය දරුවන් ඔබෙන් ඉගෙන ගන්නා වටිනා ම පාඩම වේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here