දික්කසාද වුණත් අපි තවමත් සමීප මිතුරන් – සමන්තා අකේනි

0
13


ලොව වටා ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් දකුණු ඉන්දීය නිළියක වන සමන්තා සහ ඇගේ සැමියා වන නාගචෛතන්‍ය දික්කසාද වීම මෙම දෙපළට ආදරය කරන කාගේත් කතා බහට ලක්වුණු පුවතක්.මෙම තීරණය පසුගිය දා සමන්තා අකිනේනි සහ නාග චෛතන්‍ය ඉන්ස්ටග්‍රෑම් සටහනක් හරහා අවසානයේදී තම වෙන්වීම තහවුරු කළා. ‘සැමියා සහ බිරිඳ වශයෙන් තමන්ගේම මාවතක් අනුගමනය කිරීම සඳහා වෙන්වීමට’ ඔවුන් තීරණය කර ඇති බවයි එම සටහනෙහි දැක්වුණේ.

දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ වඩාත්ම ජනප්‍රිය හා ආදරණීය යුවළක් වූ නාග චෛතන්‍ය සහ සමන්තා රූත් බොහොම ආදරණිය යුවළක් වශයෙනුයි හැඳින් වුණේ. නමුත් මොවුන් දෙදෙනාගේ දික්කසාදය පිළිබඳව කලක සිට සමාජ මාධ්‍ය තුළ ආරංචි පැතිරෙමින් තිබුණා.ඉතිං අවසානයේ මොවුන් දෙදෙනා තම ප්‍රේක්ෂකයින් වෙත එය නිළ වශයෙන් දැනුම් දීම සමාජ මාධ්‍ය හරහාම සිදු කර තිබෙනවා.

සමන්තා අකිනේනි සහ නාගචෛතන්‍යා කලක් පටන් සමීප යහළුවන් ලෙස සිට ඇති අතර පසුව පෙම්වතුන් බවට පත්ව තිබෙනවා.වසර 10කට ආසන්න මිත්‍රත්වයකට සමු දෙමින් මෙම දෙපළ 2017 වසරේ ඔක්තෝබර් 07 වන දින විවාහ දිවියට එළඹුණා.දික්කසාද වුවත් තවමත් තමන් දෙදෙනා සමීප මිතුරන් වශයෙන් තම සම්බන්ධතාවය පවත්වා ගන්නා බවයි සමන්තා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

සමන්තා දික්කසාදය ගැන තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අදහස් පළ කරමින් පවසා ඇත්තේ තමන් දෙදෙනාට යාමට මාර්ග දෙකක් ඇති බවත් එම නිසා මෙම තීරණ ගත් බවයි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ දික්කසාදය රසිකයන් හද කම්පා කරවන පුවතක් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

විවාහ ජීවිතයකදී දෙදෙනා අසතුටින් ජීවත් වනවාට වඩා එසේ නැතිනම් රණ්ඩුසරුවල් ගහ බැණ ගැනීම්වලින් විඳවමින් ජීවත් වනවාට වඩා කතා බහ කර යම් කිසි එකඟතාවයක් හරහා වෙන් වීමට යොමු වීම නිවැරදියි.බටහිර රටවල මෙය යම් ප්‍රචලිත බවක් ඉසිලුවද ආසියාතික රටවල බොහෝ නොගැළපීම් නිසා දුක් විඳිමින් එකට ජීවත්වන පිරිස් ඔනෑ තරම් සිටිනවා.නැතිනම් වෙන් වන්නේ මහා ඛේදවාචකයකින් පසුවයි.ඒ නිසාම සතුටින් සමාදානයෙන් තම නොගැළපීම් අවබෝධ කරගෙන එක්ව සිටීමට නොහැකිනම් සතුටින් වෙන්ව යාම සාපේක්ෂව හොඳ ප්‍රවණතාවක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here