පරාජය ගැන දසුන් කියයි

0
1

විස්සයි -20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

අපි සැලැස්මක් සමග ඉදිරි තරගවලට පැමිණිය යුතුයි. සිම්බාබ්වේ පන්දු යවන්නන්ට වැඩි ගෞරවයක් ලබාදෙන්න ඕන. මෙම තරගයේදීත් සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැව්වා. මුල් පන්දු වාර 6දී අපි හොඳින් කළා. ඉන් පසුව පන්දුවේ දෝලනයක් තිබුණා. මම හිතන්නේ අපිට තරගය ගිලිහුණු තැන ඒක තමයි.

ඇත්තෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුගිය කාලය පුරාම ක්‍රීඩා කරපු අත්දැකීම් බහුල කණ්ඩායමක්. ඒ වගේම එයාලා ලීග් ක්‍රිකට් ගහනවා ලෝකෙ පුරාම. ඒකෙන් කියන්නේ නෑ අපි පහතට වැටිලා කියලා. අපි සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කළා ඔවුන්ගේ රටේ දීම. එහෙත් ඔබ දන්නවා විස්සයි – 20 තරග රටාවේ අමුතු දේවල් වෙන්න පුළුවන්. අපි ඉදිරි තරගවලට හොඳ දක්‍ෂතා සමග පැමිණිය යුතුයි. සිම්බාබ්වේ වගේම පකිස්තාන කණ්ඩායමටත් එරෙහිව.

එෂාන් මාලිංග ගැන කතාකරන කොට ගොඩක් සතුටුයි, ඔහුගේ මංගල තරගයේ පන්දු යැවීම ගැන. ඒ වගේම චමීර, ඔහුත් ඉතා හොඳින් පන්දු යැව්වා. පවර්ප්ලේ එකෙන් පස්සේ අපි කඩුලු දවාගත්තේ නෑ. සිකන්ද රාසා සහ බ්‍රයන් ඉතාම හොඳින් පන්දුවට පහරදුන්නා. අපගේ හොඳම පන්දු යවන්නා වනිඳු. ඔහුට පවර් ප්ලේ එකෙන් පස්සේ පන්දු යවන්න දුන්නා. ඔහුට එම සම්බන්ධතාව බිඳහෙළන්න හැකි වුණා. ඉදිරි තරගයේදී අපි හරිම 11 සමග පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා.

කොහොම වුණත් මම කණ්ඩායමේ උප නායකයා. ඉතින් යම් හෙයකින් චරිත්ට ගැටලුවක් වුණොත් මට වගකීම පැවරෙනවා. එය මට වැඩිපුර පීඩනයක් නොවෙයි. මම කණ්ඩායමට 2022 සහ 2023 නායකත්වය ලබාදුන්නා. මේ මොහොතේ මට වැඩි පීඩනයක් නෑ. මගේ උපරිමය කණ්ඩායමට ලබාදෙමින් උපරිමය ක්‍රීඩකයන්ගෙන් ගන්න බලනවා. චරිත් කණ්ඩායමට පැමිණෙන තුරු.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here