ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (21) පස්වරු 8.00 සිට හෙට පස්වරු 8.00 දක්වා අවධානයෙන් සිටින ලෙස එම සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, ඇලපාත, රත්නපුර, අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස අනතුරු අඟවා තිබේ.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දකැටිය, හල්දුම්මුල්ල, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, හොරණ, මහනුවර දිස්ත්‍රික්කයේ ගගවට කෝරළය, උඩුනුවර, උඩපලාත, තුම්පනේ, පාතහේවාහැට, උඩුදුම්බර, ගග ඉහල කෝරළය, පස්බාගෙ කෝරළය, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, රුවන්වැල්ල, මාවනැල්ල, දැරණියගල, යටියන්තොට, ගලිගමුව, අරණායක, කෑගල්ල, වරකාපොල, කුරුණෑගල, දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය, රිදීගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හගුරන්කෙත, වලපනේ, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, බලන්ගොඩ, කලවාන, ඉඹුල්පෙ, කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
Saru FM Media









