‘ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ‘A’ කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 153ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 154ක ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මධුශාන් සිය පන්දුවාර 4 තුළදී ලකුණු 29කට කඩුලු 4ක් දවාගත්තේය.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ගාසි ගෝරි පන්දු 36කදී නොදැවී ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.
Saru FM Media









