දරුවන් සමඟ එක්වී දරුණු අපරාධ කළ “කේට් බාකර්”

0
28


ලෝක ඉතිහාසය පුරාවට විවිධ ආකාරයේ බිහිසුණු අපරාධ කළ බොහෝ පුද්ගලයින් හමුවනවා.නමුත් තම දරුවන් සමග එක්ව බිහිසුණු අපරාධ කළ මවක් සිටින බව පැවසුවහොත් ඔබ මවිත වේවි. මේ එවැනි කතක් වූ කේට් බාකර් හෙවත් මා බාකර් ගේ ජීවිත කතාවයි.

කේට් බාකර් 1873 ඔක්තෝබර් 8 වැනිදා උපත ලැබුවේ සහෝදර සහෝදරියන් රැසකගින් යුතු පවුලකයි. ඇයට ඇරිසෝනා ඩොනී ක්ලාක් යන නම ඇගේ දෙමාපියන් විසින් තැබුවා.ඩොනීගේ මාපියන් ඉතාමත් දිළිඳු උදවිය වුණු නිසා ඇයට නිසි පරිදි අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කුඩා අවධිය පසු කරමින් නව යොවුන් වියට පැමිණෙද්දී ඩොනීගේ ගතිගුණ ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගෙන තිබෙනවා. ඇය නපුරු මුරණ්ඩු දරුවකු සේ හැසිරෙන්නට පටන් ගත්තා.

දිළිඳුකමෙන් ඉතාමත් පීඩිත පවුලක සාමාජිකාවක් වුණ බාකර් දැරියගේ ගමේ බොහෝ අය දැඩි දිළින්දන් වුණා.ඒ නිසාම මෙම ගමේ විවිධ අපරාධ කෙරෙන තැනක් බවට පත්ව තිබුණා.එහි අපරාධ සිදු කළ ප්‍රසිද්ධ අපරාධ කල්ලිය වුණේ ජෙසී ජේම්ස් කල්ලියයි.කුඩා කාලයේ සිටම බාකර් මෙම අපරාධ කල්ලියේ ක්‍රියාවන් ගැන විශාල උනන්දුවක් දක්වා ඇති බවයි සඳහන් වන්නේ.ඔවුන් සිදු කළ ත්‍රාසජනක ක්‍රියාකාරකම් පිළිබඳ ව වඩාත් උනන්දු වුණු ඩොනී දැරිය ඒවා මහා වීරකම් ලෙසින් සලකනු ලැබුවා.

දුප්පත්කම නිසාම නිසි පරිදි අධ්‍යාපනයක් නොලැබූ නිසා ඇයට රැකියාවක් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එනිසා අඩු වයසින් ඇය විවාහ කරදීමට මාපියන් තීරණය කළා. 1892 දී, ඇය මිසූරි හි ලෝරන්ස් ප්‍රාන්තයේ ජෝර්ජ් බාර්කර් සමඟ විවාහ වූ අතර, මෙම යුවළට පුතුන් හතර දෙනෙක් ලැබුණා: හර්මන් (1893-1927), ලොයිඩ් (1897-1949), ආතර් (1899-1939) සහ ෆ්‍රෙඩ් (1901-1935) එම දරුවන්. 1910 සිට 1930 දක්වා වූ සංගණන සහ 1916 සිට 1928 දක්වා වූ Tulsa City නාමාවලි පෙන්නුම් කරන්නේ ජෝර්ජ් බාර්කර් සාමාන්‍යයෙන් අඩු වැටුප් සහිත රැකියාවල නිරතව තිබෙන බවයි. එමෙන්ම ඔවුන්ගේ දරුවන් ඉගෙනීමට යොමු නොකළ බවත් සඳහන් වනවා.

ඔවුන් සිව් දෙනා ද කේට් බාකර් මෙන් නපුරු සිතක් තිබුණු දඩබ්බර දරුවන් බවට පත්වුණා. ඒ වන විට පවුලේ අණසක පැවතුණේ කේට් බාකර් සතුව යි. එනිසා දරුවන් පිළිබඳ ව තීන්දු තීරණ ගැනීමේ බලය තිබුණේ කේට් සතුව යි. නපුරු සිතක් තිබුණු දුෂ්ඨ ගැහැනියක වුණු කේට්ට අවශ්‍ය වුණේ සිය දරුවන් ලවා අපරාධ සිදුකරමින් යහමින් මුදල් සොයා ගැනීමට යි. කේට් බාකර්ට අවශ්‍ය වුණේ ඇගේ දරුවන් ද ජෙසී ජේම්ස් කල්ලියේ සාමාජිකයන් මෙන් අපරාධ ලෝකයේ ප්‍රබලයන් වනු දැකීම යි. ඇය තම සිහිනය වෙනුවෙන් දරුවන් මෙහෙය වූ අතර මොවුන් එක්ව විශාල කොල්ලකෑම් මෙන්ම මිනීමැරුම් කිහිපයක්ද සිදු කර තිබෙනවා.

1910 – මිසූරි නගරයේ මහාමාර්ග මංකොල්ලකෑම

1918 – ටුල්සා හි එක්සත් ජනපද මෝටර් රථ සොරකම

1921 ජනවාරි 15 – මස්කොගී හි බැංකු මංකොල්ලකෑමට උත්සාහ කිරීම

1921—ඔක්ලහෝමා හි ටුල්සාහිදී රාත්‍රී මුරකරු තෝමස් ජේ. ෂෙරිල් ඝාතනය කිරීම

1922 ජනවාරි 16 – කැන්සාස් හි බැක්ස්ටර් ස්ප්‍රින්ග්ස් හි තැපෑල කොල්ලකෑම

1926 – ෆ්‍රෙඩ් බාර්කර් කැන්සාස් හි වින්ෆීල්ඩ් හි බැංකුව කොල්ලකෑම

FBI විසින් මා බාර්කර් සොයාගනු ලැබුවේ පුතෙකුට යවන ලද ලිපි නිරීක්ෂණය කිරීමෙන්. “Gator Joe” ලෙසින් හැඳින්වෙන දේශීය අවන්හලේ නමට හේතු වූ “Gator Joe” ලෙස හැමෝම හැඳින්වූ Lake Weir හි විශාල ගේටරයක් ගැන පැවසීමට ඇය ඔහුට ලිපියක් යවා තිබෙනවා.එය FBI නිලධාරින් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසුව දින කිහිපයක් ඇතුළත සැලසුමක් සකස් කර කේට් බාකර් ජීවත් ව සිටි නිවස වටලා තිබෙනවා. එම අවස්ථාවේ සිදු වූ වෙඩි හුවමාරුවේ දී කේට් බාකර් සහ ඇයගේ පුත් ෆ්රෙඩ් බාකර් මරණයට පත්වුණ බවයි වාර්තා වන්නේ.සිය පුතුන් සතර දෙනා සමගින් අපරාධවල නියැලුණු මා බාකර්ගේ අවසානය එලෙස සටහන් වුණා

තොරතුරු ලබා ගැනීම – https://g.co/kgs/bSrTeu



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here