නයිජීරියාවේ කතෝලික පාසලකින් තවත් සිසුන් පැහැර ගැනීමක්

0
3

මධ්‍යම නයිජීරියාවේ කතෝලික පාසලකින් සිසුන් රැසක් සන්නද්ධ කල්ලියක් විසින් අද (21) යළිත් වරක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නයිජර් ප්‍රාන්ත රජයේ ලේකම් අබුබකර් උස්මාන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ, අග්වාරා පළාතේ ශාන්ත මරියා පාසලේ සිසුන් පිරිසක් මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇති බවය.

පැහැරගැනීමට ලක් වූ සිසුන් සංඛ්‍යාව නිශ්චිතව තහවුරු කර නොමැති වුවත්, එරට රූපවාහිනි නාලිකාවක් සිසුන් 52ක් පැහැරගෙන ඇති බව වාර්තා කර තිබේ.

එරට තුළ දින කිහිපයක් ඇතුළත සිදුවූ දෙවන සිදුවීම මෙය වේ.

වයඹදිග නයිජීරියාවේ ද්විතීයික පාසලකට කඩාවැදුණු සන්නද්ධ පිරිසක් ඉකුත් 17වනදා ද එහි සිටි සිසුවියන් 25 පැහැරගනු ලැබීය.

නයිජීරියාව තුළ වෙසෙන ක්‍රිස්ත්‍රියානි ජනතාව ඝාතනය කිරීමට සහ ඔවුන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට අන්තවාදි කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පසුගියදා නයිජීරියාවට චෝදනා කර තිබුණි.

ඒ හේතුවෙන් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඔහු නියෝග තිබුණේ නයිජීරියාවේ ඉස්ලාම් අන්තවාදීන් අතුගාදැමීම සඳහා හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සූදානමින් සිටින ලෙසය.

අමෙරිකාව එල්ල කරන ප්‍රහාරයන් වේගවත් මෙන්ම බරපතළ වනු ඇති බැවින් ඊට පෙර නයිජීරියානු රජය ඉක්මන් පියවර ගැනීම වඩා හොඳ බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here