අකුරේගොඩ නීතිඥයා සහ බිරිඳ ඝාතනය : ‘පොල්ගස්ඕවිට ඩිලා’ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරයි – Saru News | සිංහල

0
5

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආයුධ ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැති සැකකරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබේ.

28 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු පසුගිය 17 වැනිදා පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16 වැනිදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනි අවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනෙකු කොට්ටාවේදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත මෙම ඩිලා නැමැත්තා අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here