OICලා ඇතුළු 25කට ස්ථාන මාරුවීම්

0
2

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි ‍පොලිස්පතිවරයා විසින් අද (21) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා එල්ලවු නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ රවී පද්මකුමාර මහතා පසුගිය 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ කොට්ඨාසය වෙත ස්ථානමාරු කර තිබේ.

ඔහු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක් ද ක්‍රියාත්මක වන බව සඟඳහන්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here