ස්පාඤ්ඤ අධිකරණයක් විසින් ඩිජිටල් මාධ්‍ය සමාගම්වලට ඩොලර් මිලියන 550ක වන්දි මුදලක් ගෙවන ලෙස Meta සමාගමට නියෝග කර තිබේ.
ස්පාඤ්ඤ ඩිජිටල් මාධ්‍ය ආයතනයන්හි ප්‍රධාන සමාගම විසින් ගොනුකළ පැමිණිල්ලකට අනුව මෙලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ප්‍රචාරණය සඳහා පරිශීලක දත්ත නීතිවිරෝධී ලෙස සැකසීම සම්බන්ධයෙන් මෙලෙස පැමිණිල්ල යොමු කර ඇත.
මෙම වන්දි මුදල් ලබා දීමේ නියෝගයට ස්පාඤ්ඤයේ ප්‍රවෘත්ති ඒජන්සි 87ක් ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කර තිබේ.
Saru FM Media









