ශ්‍රීලන්කන් බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයට ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළැඹෙයි

0
4

ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹ තිබේ. 

මෙම බැඳුම්කර හිමි කණ්ඩායම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රමාණයෙන් 55%ක නියෝජනය කරනු ලබයි. 

මීට අදාළව ශ්‍රීලංකන් ගුවන් සේවය, බැඳුම්කර හිමියන් සමග සීමාකරන ලද සාකච්ඡා වට කිහිපයක් පසුගිය ඔක්තෝබර් 23 සහ නොවැම්බර් 19 කාලපරිච්ඡේදය තුළ පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් සිංගප්පූරු කොටස් හුවමාරුව වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා රජය හා ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසන්නේ, අදාළ බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයේ මූල්‍ය පරාමිතීන් සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹීමට හැකි වී ඇති බවයි.

ප්‍රතිපත්තිමය වශයෙන් එළඹි මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අවසාන අනුමැතියට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ නිල ණය හිමි කමිටුවේ (Official Creditor Committee – OCC) විරෝධතා නොදැක්වීම්වලට (non-objection) යටත් වනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here