මේ දවස්වල “යමු යමු වී නොපමා”කියලා හැමෝම රට යන කාලේ. හැබැයි පාස්පෝර්ට් පෝලිමේ ඉන්න වීම නිසා ඒ අදහස පස්සට දමපු අයත් ඕනෑ තරම්.එක් දින පාස්පෝට් සේවාවට පවා ලොකු වෙහෙසක් දරන්න සිදුවීම නිසා පාස් පෝර්ට් ගන්න වැඩේ අතුරේ යන වැඩක් වෙලා.
Online Passport Service ආවේ ඒ කටයුතු සියල්ලම පහසු කරමින්. තාමත් මේ ගැන නොදන්න ඔබට ඒ ගැන කියන්න අපි හිතුවා.
මේ ක්‍රමය හඳුන්වා දුන්නේ මේ වසරේ ජූනි 15 වැනිදා
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ https://www.immigration.gov.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න.
මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම යන සබැඳියට පිවිසෙන්න.
ජංගම දුරකථන අංකය ඇතුළු කරන්න.
ලැබෙන OTP අංකය ඇතුළු කරන්න.
ඉන්පසු ලැබෙන උපදෙස් අනුව අදාළ තොරතුරු ලබා දෙන්න.
ඉන්පසු ලබා දිය යුතු ලේඛනවල මුල් පිටපත් Scan කර උපදෙස් අනුව ලින්ක් එකට ඇතුළත් කරන්න.
ඔබට ආසන්නතම ඇඟිලි සලකුණු ලබා දීම් මධ්‍යස්ථානයේදී හා අදාළ වේලාවේදී ඇඟිලි සලකුණු ලබා දීමේ හැකියාව ගැන ඔබට කෙටි පණිවිඩයක් හරහා ලැබෙනවා.
ඒ අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයේ ස්ථාපිත කර ඇති ඇඟිලි සලකුණු ලබා දීමේ මධ්‍යස්ථානයේදී ඔබට ඇඟිලි සලකුණු ලබා දෙන්නට පුලුවන්.
ඔබ ඡායාරූප ලබා ගෙන නැත්නම් ඇඟිලි සලකුණු ලබා ගන්නා ස්ථානයේදීම එය ලබා ගන්නට පුලුවන්.
ඔබට හදිසි සේවය අවශ්‍ය නම් දින තුනකින් තැපැල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවාව ඔස්සේ ඔබේ ලිපිනයට යොමු කරනවා.
නැතිනම් නියමිත දින ගණනට පසු එය ඔබට ලැබෙනවා.
හදිසි සේවයට රු 15 000 ද සාමාන්‍ය සේවාවට රුපියල් 5000 ක් ද ගෙවිය යුතුයි.
බැංකු කාඩ්පත් මඟින් හෝ online ක්‍රමයට ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට සිදු කරන්න.
වලංගු විදේශ ගමන් බලපත්‍රය නැති වූ අවස්ථාවේ දී
වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට
වෙනත් රටවල උපත ලැබූ දරුවන් පළමු වරට ඉල්ලුම් කිරීමේ දී
රාජකාරී සහ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී.
උප්පැන්න සහතිකය
ජාතික හැඳුනුම්පත
ඡායාරූප ලදුපත
දැනට වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් එහි ජීව දත්ත අඩංගු පිටුව
විවාහයෙන් පසු නම සංශෝධනය කර ඇත්නම් අදාළ ලියකියවිලි
රැකියාව ඇතුළත් කරන්නේ නම් සේවා සහතික සහ අධ්‍යාපනික සහතික
මෙන්න මේ ආකාරයට ඔබට මේ සේවාව පහසුවෙන්ම ලබා ගන්න පුලුවන්.
එහෙනම් ඔබේ සිහින රටට යන්න සුබ පැතුම්!
තොරතුරු ලබා ගැනීම – ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය
Saru FM Media