ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගිය ජනාධිපති අනුර දිසානායක සිය සංචාරය සාර්ථකව නිම කර ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව ලෝක නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ තාක්ෂණ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වුණු අතර ජනාධිපති අනුර දිසානායක පසුගිය 19 වනදා ඊට සහභාගී විය.
19 වනදා පස්වරුවේ ජනාධිපති එහි නායක සැසිය ඇමතූ අතර, මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් හා හැකියාවන් ප්‍රවර්ධනයට AI තාක්ෂණය ඉවහල් කරගත යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, සමුළුව අතරතුරදී ජනාධිපති අනුර දිසානායක ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, බ්‍රසීලයේ ජනාධිපති Lula da Silva, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, භූතානයේ අගමැති Tshering Tobgay සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් විය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර දිසානායක අතර විශේෂ හමුවක්ද ඊයේ පැවැත්විණි.
මේ අතර, මෙම සංචාරයේදී ජනාධිපති අනුර දිසානායක, ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor සමඟ හමුවකටද එක් විය.
4
Saru News











