දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ අයිස් සහ හෙරොයින් කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්

0
3

දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ මේ වනවිට අනාවරණය වී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය පක්ෂයේ  හිටපු මන්ත්‍රීවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

ඒ අනුව එම යාත්‍රවේ තිබී මලු පහක පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ මලු 13ක පැකට් 200ක අසුරා තිබූ අයිස් මද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මේ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල් වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් නාවික හමුදා භාරයට ගෙනන ඇති බව සඳහන්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here