ලොව විශාලතම මගී ගුවන්යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්වයි

0
3

ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ හදිස්සියේ ගොඩබස්වා තිබේ.

ඊයේ (20) රාත්‍රියේ මෙලෙස හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බව ‘අද දෙරණ’ ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

එහි ගමන්ගත් ගුවන් මගියෙකු හදිසියේම අසනීප වීම හේතුවෙන් මෙලෙස ගොඩබස්වා ඇති බව සඳහන්ය.

පසුව එම මගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රොහල් ගතකර තිබේ.

ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ ගුවන් යානයක් වන මෙය ඊයේ රාත්‍රි 7.15ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා පසුව රාත්‍රී  9.20ට පමණ නැවතත් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පිටත්ව ගොස් ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here