සිරකරුවෝත් මනුෂ්‍යයෝ නේද?
රසපරීක්ෂක වාර්තා ප්‍රමාදයත් හේතු වෙලා
මත්ද්‍රව්‍ය චෝදනා ලද්දෝ 60%කට වැඩියි: ඒ අතර පිරිමි 19,063ක්, කාන්තා 1,114ක්
සමහරු නිදාගන්නේ වැසිකිළි මත ලෑලි දමා
10,500ක් ඉන්න පුළුවන් බන්ධනාගාරවල 38,101ක් රඳවලා…
හිරගෙවල් ඇතුළේ අපා දුකක්!
දිවයින පුරා පවතින බන්ධනාගාර 28 තුළ රැඳවියන් 10,500 ක් පමණ රඳවා තැබිය හැකි වුවත් පෙරේදා (19දා) වනවිට එම බන්ධනාගාරවල 38,101 ක් රඳවා සිටි බව බන්ධනාගාර වාර්තාවල සඳහන් වේ. රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීම රැඳවියන් වැඩිවීමට හේතු වී ඇත.
මෙම පිරිසෙන් 36,305ක් පිරිමි රැඳවියන් වන අතර 1,796 ක් කාන්තා රැඳවියන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය. මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රඳවා සිටින පිරිස සියයට හැටකට (60%) වැඩි බවද එම වාර්තා මගින් පෙන්වා දී ඇත.
මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ රඳවා සිටින පිරිස අතර පිරිමි රැඳවියේ 19,063 සහ කාන්තා රැඳවියන් 1,114ක් සමග 20,177ක් වෙති. රඳවා සිටින පිරිස අතර සිරදඬුවම් ලබන පිැරිස 10,813 කි. ඒ අතර කාන්තාවන් 237ක් සහ පිරිමි පුද්ගලයන් 10,576 කි. සැකකරුවන් ලෙස 27,288 ක් රඳවා සිටින අතර ඉන් 25,729 ක් පිරිමි ද 1,559 ක් කාන්තාවෝ ද වෙති.
විදෙස් කාන්තාවෝ 22 ක් හා විදෙස් පිරිමි 142 ක් ද බන්ධනාගාරගතව සිටිති.
වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ්, මහර ඇතුළු බන්ධනාගාර කිහිපයක රැඳවිය හැකි ප්‍රමාණය ඉක්මවා රැඳවියන් තැබීමට සිදුවීමෙන් ඇතැම් රැඳවියන් බන්ධනාගාරවල ශරීර අවශ්‍යතා ඉටු කර ගැනීමට ඇති ස්ථානවල පවා රාත්‍රිය ගත කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.
බන්ධනාගාර තදබදය වැඩිවීමට රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීමත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් රැඳවීමට සිදුවීමත් හේතු වී ඇති බව පවසන එම ආරංචි මාර්ග මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට කඩිනමින් යොමු කළහොත් තදබදය අඩුකර ගත හැකි බවද පවසයි.
චමින්ද සිල්වා
Saru FM Media









