අද දින ඔබේ දෛවය

0
3

මේෂ

ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකි බවක් ගෙන දෙයි. තම ක්‍රියා නතර කර පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ද වැයපස තරමක් ඉහළ යයි. සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 03

වෘෂභ

තරමක් අවිවේකි දිනකි. තම ඥාති මිත්‍රාදින් ඒකරාශීව ක්‍රියා කරයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර සෞන්දර්ය ක්‍රියාකාරකම් දක්ෂ කරයි. තරමක් වැඩ ඉහළ යයි. පාද ආබාධ ඉදිමුම් රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02

මිථුන

දුර ගමන් වන්දනා ගමන් යෙදෙන ක්‍රියාකාරකම්වලදී මූලිකව ක්‍රියා කිරීමට සිදු වේ. ආගමික උත්සව ද දියත් කරයි. තම නිවස තරමක උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. සැහැල්ලු මනසින් දවස ගෙවයි. ආමාශ ගත රෝග ද මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

කටක

ගමන් බිමන් බහුලයි. දුර ගමන් විදෙස් ගමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. තරමක් ණය තුරුස් වීමට ඉඩ තිබේ. අමතර ලාභ ලබයි. සිරස ගත රෝග ද මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04

සිංහ

සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදේ. ආගමට දහමට යොමුව ක්‍රියා කරයි. දාන ශිලාදි කිරීම් වල යෙදේ. පොදු සේවා ක්‍රියාකාරකම්වල ද යෙදේ. විනෝදජනක කටයුතුවල ද යෙදෙන අතර වැයපස ඉහළයි. මුත්‍රා ආසාදන මතු වේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා

අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි සිත් යොමු කරයි. තම ඥාති මිත්‍රාදින් එක්ව ක්‍රියා කරයි. නිවස උත්සව ශ්‍රියාවක් ඇති කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ලැබීම් ඇති වේ. උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 09

තුලා

විවේකීව දවස ගෙවයි. දාන මානාදි කුසල කර්මවල ද යෙදේ. ප්‍රීති සාද වැනි දේවලට ද සහභාගිවීමේ අවස්ථා යෙදේ. සිත් චංචල කරවන කරුණු ද යෙදේ. අමතර ලාභ ලබයි. කැපුම් කෙටුම් වැනි හදිසි රෝගවලට හේතුයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 07

වෘශ්චික

තම ඥාති මිත්‍රාදින් ඒකරාශීව දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් ගරු කරයි. විනෝදජනක ක්‍රියාවන්හිද යෙදේ. ප්‍රීති සාදවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇති වෙයි. වැයපස ඉහළයි. මූල, අර්ශස් රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 08

ධනු

සුපුරුදු රාජකාරි ක්‍රියාවන්හි නිදහස්ව දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් පුද පූජාහි යොමුවන අතර තම ළඟම ඥාතීන් ඒ සඳහා යොමු කරවයි. විනෝද ජනක ක්‍රියාවන්හි ද යෙදේ. අම්ල පිත්ත රෝගය මතු වේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01

මකර

තම ඥාති මිත්‍රාදින් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝදජනක කටයුතුවල යෙදේ. ආගමිකවතාවත්ද ගරු කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. සුහඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සන්ධි ඉදුමුම් රෝග මතු කරයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 08

කුම්භ

ක්‍රියාශීලිවන අතර පරිත්‍යාගශීලි දිනකි. ශුභවාදි ක්‍රියා ඇරඹුමට ද හේතුයි. ආගමික පුද පූජා කෙරෙහි සිත යොමු කරවයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හිද යෙදෙන වැයපස ඉහළ යන දිනකි. සිරස ගත රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05

මීන

සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාති මිත්‍රාදින් එක්ව ක්‍රියා කරයි. පදිංචි ස්ථානයේදී සුළුවෙන් හෝ උත්සව ක්‍රියාවන් ගෙන දෙයි. තරමක් වැයපස ද ඉහළ යයි. ඉදිමුම් රෝග සන්ධි වේදනාද ඇති වේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 09

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here