ගොඩබිමට යොමු වීම නිසා මගින් 21කට සුළුතුවාල නෞකාවේ ප්‍රධානියා හා තවත් අයකු අත්අඩංගුවට
දකුණු කොරියාවේ ගිනිකොණදිග වෙරළ තීරයේදී පෙරේදා (19දා) ගොඩබිමට ගමන් කළ නෞකාවක ගමන් ගත් මගින් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 267දෙනකු නිරුපද්‍රිතව බේරා ගැනීමට වෙරළබඩ ආරක්ෂක නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ‘ක්වින් ජෙනුවියා -2’ නමැති අදාළ නෞකාව මෙසේ දකුණු කොරියාවට අයත් ජන්ග්සන් දූපත ආසන්නයේ පිහිටි කිසිවකු වාසය නොකරන ජෝග්ඩෝ දූපතෙහි ගොඩබිමට යාත්‍රා කර සිර වී ඇති අතර ඒ හේතුවෙන් නෞකාවේ ගමන්ගත් මගින් 27 දෙනකු සුළු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ. දකුණු කොරියාවේ ජේජු දූපතෙහි සිට වරාය නගරයක් වන මොප්කෝ නගරය වෙත යාත්‍රා කරමින් තිබියදී නෞකාව මෙම අනතුරට මුහුණ පා තිබේ.
දැඩි නොසැලකිලිමත්කම හේතුවෙන් අදාළ නෞකාව ගොඩබිමට යොමු කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධානියා හා පළමු නිලධරයා අත්අඩංගුවට ගත බව දකුණු කොරියානු වෙරළබඩ ආරක්ෂක නිලධාරීන් පවසා තිබේ. අනතුරට පත් ‘ක්වින් ජෙනුවියා-2’ නෞකාවේ ප්‍රධානියා මුලදී මෙසේ නෞකාව ගොඩබිමට සේන්දු වීම සුක්කානමේ දෝෂයක් හේතුවෙන් හටගෙන ඇති බව පවසා සිටිය ද පසුව තමා දුරකථන ඇමැතුමක සිටීම නිසා නෞකාවේ ගමන් මාර්ගය වෙනස් කළ යුතු ස්ථානය මඟහැරුණු බව පිළිගෙන තිබේ. මේ අතර අදාළ නෞකාව ගොඩබිමට පැමිණීම නෞකාවේ කපිතාන්වරයාගේ හෝ ප්‍රථම නිලධරයාගේ අතපසුවීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බව එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බලධාරීහු පවසා තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ
Saru FM Media









